ටිනිනිනික්!! ටිනිනිනික්!! ටිනිනිනික්!! ටිනිනිනික්!!
" චූටි බේබී... අවදිවෙන්ඩ.... එලාම් එකත් වඩිනව ඔන්න...."
" හ්හ්හ්හ්ලෑහ්හ්හ්හ්හ්හූම්ම්ම්! හරි හරි රාණීහ්හ්හුම්ම්හ්"
" හයියූ චූටි බේබි.. යේක දවශම මොකඩ්ඩ වෙලා යනව අනී.. යේක කඩවුලේ ඒ ඈනුමෙ ශයිශ් එක..."
" අනෙ මෙ... මං පෙන්නන්නැ ශයිශ් එක... යන්ට යන්ට... මං තව ටිකකින් එන්නම්..."
ඇඟේ හිරි ඇරලා මම ඇස් දෙක හැරෙව්වෙ මුලින්ම ඔරලෝසුව දිහාවට.. මොකද මේ කීවෙනි එලාම් එකද රින්ග් වුනෙ කියලා දැනගන්න... මං සාමාන්යෙන් ඇහැරෙන්න ඕන වුනාම ඒ වෙලාවට පැය බාගෙට කලින් වගෙම පැය බාගෙකට පස්සෙ, විනාඩි 10න් 10ට එලාම් හැටහුට හමාරක් තියාගෙන තමයි නිදාගන්න යන්නෙ.. ඒ තරමට මට ඇහැරෙන්න ලේසියි...
වෙලාව පහයි...
සාමාන්යෙන් ඉතින් කොල්ලෙක් උනාම, අවදිවෙලා විනාඩි පහක් දහයක් ඇඳේ ම ඉන්න අමතක කරන්නැ.. එහෙම නොකරොත් ඉතින් කලාතුරකින් තමයි... මේවා ඉතින් කෙල්ලො කම්ෆියුස් වෙන කරුණු කාරණා... මං ඉතින් ඒ ටික වෙලාවෙදි ෆෝන් එක අරගෙන ආපු මැසේජස් චෙක් කරා... විශේෂ දෙයක් තිබ්බෙ නැති නිසා මං පොඩ්ඩක් වට්ටිය පැත්තට ගිහින් 'හේමන්තය' කියවන්න පටන් ගත්තා... ඊයෙ රෑ අලුත් එපියක් දීලා තිබ්බා... තාම මට ඇඳෙන් බැහැගන්න පුලුවන් තරමෙ වාතාවරණයක් තිබ්බෙ නැති කොට මං පහ හමාර වෙනකම්ම වගෙ හේමන්තය කියෙව්වා... ඒ කතාව නම් හුඟක් ලස්සනයි... ඒක ලියන්නෙත් කපල් එකක්ලු.. Heartbeatයි Pulsebeatයි.. ඒ නම් දෙකේ ඉදන් ම හරිම ලස්සනයි... එතනත් ආදරේ හරි ලස්සනට තියෙනවා ඇති... අනේ මේවා දකිද්දි මට හරි ලෝභයි... ඉරිසියයි... කෝම උනත් උන් දෙන්නත් සතුටින් පරෙස්සමින් ඉන්න ඕන...
හේමන්තය කියවලා ඉවර වුන මට දැන් ඇඳෙන් බහින්න පුලුවන් වාතාවරණයක් තිබුණු නිසා මං ඉස්කෝලේ යන්න ලේස්තිවෙන්න ගියා..." ඇහ්හ්.. මේ මොකද්ද මේ පෑගුනෙ... හපොයි.. මේ මොකද මේ වෙලා තියෙන්නෙ.. මගෙ කලිසම බිම... හුටා... මගෙ ඇඟෙ නූල් පොටක් වත් නෑනෙ... එහෙම කොහොමද උනේ... මං ඊයෙ රැ නිදාගත්තෙ කලිසම පිටින් නෙ... හීනෙන්වත් ගැලෙව්වද මම.. හයියො මොකවත් මතක නෑනෙ..."
" සමහරවිට,...... මම නිදිමත වැඩිකමේ හිටිය නිසා මට ලොකුවට මතක නැතුවැති.."

YOU ARE READING
SAKURA 🌸 [ Ongoing ]
Short Story" Our love is like the Sakura, blossoming brightly for a season, but cherished forever in our hearts...🤍🌸✨ "