වසර පහක් කියන්නෙ ගොඩක් ලොකු කාලයක්.ඒ කාලය පුරාම අපි ග්‍රහලෝක සීයකට වැඩිය ප්‍රමාණයකට ගමන් කරේ මොකක් හරිම හෝඩුවාවක් හොයාගෙන.ඒත් අපි ඒ ග්රාහලෝක වලට යනකොට ඒ ග්‍රහලෝක වල කිසිම ජීවියෙක් ජීවතුන් අතර හිටියෙ නෑ.දැන් අවුරෝරා සංවිධානය තවත් බලවත් වෙලා එයාලගෙ ගාව ජීවින් සිය ගනනක් වසර ගනනාවක් තිස්සේ එකතු කර ගත්ත දැනුම තියෙනවා.ඒ දැනුම නිසාම තමයි එයාලව හොයාගන්න මෙච්චර අමාරු උනෙත්.සදුනිට දැන් මනසින් කාලතරනය කරන්න පුලුවන් මීට අවුරුදු පහකට කලින් අපිට හම්බවුනු නිසල්ටයි පියුමිටයි.දෙන්නටම හොදටම මායාව පාලනය කරන්න පුලුවන්.අද අපි ඇවිල්ලා ඉන්නෙ තවත් ග්‍රහලෝකයකට අපි හිතනවා අවුරෝරා සංවිධානයේ ඊලග ඉලක්කය වෙන්නෙ මේ ග්‍රහලෝකය කියලා.
"පියුමි මොකක්ද මේ ග්‍රහලෝකය විශේෂත්වය."
අපි දන්නෙ නැති ගොඩක් දේවල් පියුමිගෙ තමයි අපි දැනගන්නෙ.පියුමි මේ දේවල් ඉගන්ගෙන තියෙන්නෙ එයා මායා පාසලේ ඉදපු කාලය තුල තමයි.එයාට අවුරුදු හතක් වෙනකොටම එයාගෙ දෙමවුපියො පියුමිගෙ අසාමාන්‍ය බලය ඒ කියන්නෙ මායා බලයට බය වෙලා එයාව ලමා නිවාසයකට බාර දීලා තියෙනවා.ඒ ලමා නිවාස ආරක්ශිත නැති නිසා එයාව අවුරුදු හතේදිම මායා පාසලට එක්කගෙන ගිහින් තියෙනවා.ඊට පස්සෙ එයාව බලාගෙන තියෙන්නෙ මායා පාසලේ පුස්තකාලය බාරව ඉන්න ගුරුතුමියක් ඒක නිසා පියුමි හැම වෙලාවෙම පොත් එක්කම තමයි ගැවසිලා තියෙන්නේ.
"මේ ග්‍රහලෝකය ඉන්නෙ අපි වගේ කාබන් පදනම් කරගෙන ඒ කියන්නෙ carbon bace ජීවීන් නෙවෙයි.එයාලගෙ ජීවයට පදනම් වෙලා තියෙන්නෙ Silicon කියන මූලද්‍රව්‍ය ඒත් එයාලට එතරම් දියුණු තාක්ෂණයක් නම් නෑ.ඒත් එයාල ශිෂ්ඨසම්පන්න ජීවීන් වර්ගයක්."
"ඇයි එහෙනම් අවුරෝරා සංවිධානය මේ ග්‍රහලෝකයට එයි කියලා හිතන්නෙ."සදුනි ඇහුවා.
"ඒකට හේතුව තමයි මෙයාලගෙ ආයු කාලය.මෙයාල වයසට යන්නෙ නෑ.ඒක තමයි මෙයාලගෙ විශේෂත්වය."
"යානය තව සුලු මොහොතකින් යානය ගොඩබානවා."
මමයි සදුනියි අපේ කාලයාත්රික ඇදුම් ඇදගත්තා නිසල්ටයි පියුමිටයි නම් ඒ වගේ ආරක්ෂක ඇදුම් අවශ්‍ය වෙන්නෙ නෑ.එයාලගෙ බලයෙන් එයාලට ආරක්ශාවක් සැපයෙනවා.යානය ඒ ග්‍රහලෝකය මත ගොඩබෑවා.අපි ගොඩබෑවෙ කැලයක් වගේ තැනකට එතන තිබුනෙ හරිම අමුතු පරිසරයක් ඒක අපි පෘථිවියෙදි දකින කැලයක් වගේ නෙවෙයි ඒ කැලේ කිසිම කොල පාට ගහක් තිබුනෙ නෑ ඒ වෙනුවට අමුතු සුදුපාටට හුරු අලුපාට ගස් තමයි තිබුනෙ.
YOU ARE READING
රැකවලුන්ගේ ආගමනය
Science Fictionඅවුරෝරා සංවිධානයේ ආක්රමණයත් සමග විනාශයට පත් වෙමින් යන විශ්වය බේරා ගැනීමට උත්සහ දරන කාලයාත්රිකයින් දෙදෙනෙකුගේ හා මායාකරුවන් දෙදෙනෙකුගේ කතාව රැකවලුන්ගේ ආගමනය ලෙස ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරනු ලබයි.