දිවා/රාත්‍රී

45 12 3
                                    

   මට අනාගතය දකින්න පුලුවන්.නිසල්ගෙ යාලුවයි.කාලයාත්‍රිකයො දෙන්නෙකුයි.මායාකරුවෙකුයි.ඔයාලව හොයාගෙන එනවා.දැන් එයාල ඉන්නෙ මීට ආලෝක වර්ෂ පනහක්  විතර ඇතින් තමයි ඉන්නෙ.

"එහෙනම් එයාලා බේරිලා."පියුමි කිව්වා.

"ඔව් එයාල විතරයි ඒ සිර මැදිරියෙන් බේරුනේ."

"අපි දැන්ම යමු එයාලව හොයාගෙන."

"දැන් ඔයාලට යන්න විදියක් නෑ දැන් රෑ වෙලා.රෑ උනාම මෙහේ ඉන්න විලෝපිකයෝ දඩයම් කරන්න පටන් ගන්නවා."එයා එහෙම කියනවත් එක්කම වටේම තිබුනා දොරවල් ජනෙල් වැහිලා අපි හිටපු තැන පොලව උඩට එසවෙනවා වගේ දැනුනා.

"මොකද මේ වෙන්නෙ අපි උඩ යනවා වගේ."මම කිව්වා.

"කවුරුවත් කලබල වෙන්න එපා මේක සාමාන්‍යය දෙයක් හැමදාම රෑට මේ වගේ වෙනවා."නොපෙනෙ ජීවියා කිව්වා.

📒📒📒📒📒📒📒📒📒📒📒📒📒📒📒

ආ මට කියන්න අමතක උනානෙ මේ ජීවීන් නොපෙනී යන්නෙ ඇයි කියලා.ඒකට හේතුව තමයි මේ ජීවීන්ට මාන පහක් විතර ගෝචර වෙනවා.අපිට අපේ ඇහැට අදුරගන්න පුලුවන්කම තියෙන්නෙ ත්‍රිමාන වස්තු විතරයි.ත්‍රිමාන කියන්නෙ මාන තුනක් අපි ඒ මාන හදුන්වන්නෙ දිග පලල උස කියලා.ඔයාල හිතලා බලන්න ඔයාල කවදහරි දැකලා  ද්විමාන වස්තුවක්[මාන දෙකක් විතරක් තියෙන වස්තුවක්], මම හිතන්නෙ ඔයාල කවදාවත් දැකලා නැතුව ඇති.

😂මගේ පන්ඩිත කතා වලට පසු නැවතත් කතාවට.😂

📖📖📖📖📖📖📖📖📖📖📖📖📖📖📖📖

"ඒත් මොකද එහෙම වෙන්නෙ."

"ඒකට හේතුව ඔයාලට බලාගන්න පුලුවන් වේවි තව ටිකකින්."අපි වහල ගාවටම ගියාට පස්සෙ වහල උඩ පැත්තට ඇරුනා.

"ඔයාලා වහලට ගොඩවෙන්න." කියලා කිව්වා එතකොට අපිට එක අඩියක් විතරයි වහලට තියන්නෙ තිබුනෙ.අපි වහලට ගොඩවුනා.හැම පැත්තෙම තිබිච්ච  ගොඩනැගිලි උඩත් අර අලුපාට ජීවීන් හිටියා.මම වහලෙ කොනකට වෙලා එහා පැත්තෙ තිබුනු ගොඩනැගිල්ලෙ ඇතුලෙ වෙන දේවල් ජනේලෙකින් බලාගෙන හිටියා.පහල තියෙන ජනේල වැහුනට උඩ තියෙන ජනේල වැහිලා තිබුනෙ නෑ.ඒ ජනේල වලින් පෙනුනෙ අමුතු එලියක් විතරයි.ටික වෙලාවකින් ඒ එලිය නැති වෙලා ගියා ඒ එලිය නැතිවෙනවත් ඒක්කම වගේ නගරෙට එහාපැත්තෙන් තිබිච්ච කැලේ නගරෙ පැත්තට ආවා.ඒත් එහෙම කොහොමද වෙන්නෙ.

රැකවලුන්ගේ ආගමනය Where stories live. Discover now