❤Chapter 05❤

479 109 54
                                    

jong in's pov:

min ha ගිහින් දැන් පැය තුනකටත් කිට්ටුයි. මම පාර බලාගෙන එහාටයි මෙහාටයි අැවිද්දේ එයා දැන් මතුවෙයි දැන් මතුවෙයි කියලා හිතලා..

"Jong ina... min ha තවමත් අාවේ නෑ නේද?"

"neh hyung.. (yeah brother..)එයා දැන් එන්න ඕන, එයා කිව්ව තැන තියෙන්නෙ එච්චර දුරක නෙවෙයිනෙ.. අනික මං හිතන්නෙ නෑ එයාට එච්චර ලොකු වැඩක් තියෙනවා කියලා මේ තරම් වෙලා ගන්න.."

මම ඉන්නෙ කලබල වෙලා කියලා suho hyungට තේරුනා. එන්න එන්නම මම නොසන්සුන් වුනා. කීප සැරයක් call කලත් එයා answer කලේ නෑ. මම තවත් බලාගෙන ඉන්න බැරිම තැන suho hyungට කතා කලා.

"hyung, මම min haව හොයන්න යනවා. දැන් නම් මාව නවත්තන්න එපා."

"හරි හරි මං ඔයාව නවත්තන්නෙ නෑ, එ්ත් අඩුම තරමේ hoidie එක හරි අැඳගෙන යන්න jong ina. ඔයාව කරදරෙ වැටෙන්න දෙන්න බෑ."

මම කළු පාට hoodie එකත් දාගෙන පාරට බැස්සෙ මඟදි min haව හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්.. මම දුරට යන්න යන්න මට බයක් දැනෙන්න පටන් ගත්තා. අැයි එයා මෙච්චර පරක්කු? ඔයා ඉක්මනට එනවා කියලා මට පොරොන්දු වුනානෙ min ha.. ඔයා හොඳින් නේද?... ඔයාට මොනා හරි වුනාෙත් නම් මම මටම සමාව දෙන එකක් නෑ.. මට ඔයත් එක්ක එන්නයි තිබුනෙ..

ජීවිතේ පලවෙනි වතාවට මට මේ field එක එපා වුනා. idol කෙනෙක් වුනාම මුළු ලෝකෙම දකින්නෙ අපේ ජීවිතේ පොහොසත්, ප්‍රසිද්ධ, සතුටුදායි පැත්ත විතරයි. එ්ත් අපි අාදරෙ කරන අයගෙ ළගින් ඉන්න, එයාලව අාරක්ෂා කරන්න අපිට බැරි වෙනකොට අපි හිතින් දුක් වෙන තරම කවුරුත් දකින්නෙ නෑ..

මම ටිකක් නතර වෙලා වටපිට බැලුවා. කලින් මේ පැත්තට අැවිත් තිබුනට මෙච්චර දුර කවදාවත් අැවිත් නෑ. මං නතර වෙලා තිබුනෙ කැලෑවක් ළඟ. min haව හොයන්න අාවට එයා ගිය තැනක් ගැන හරියටම මං දැනන් හිටියෙ නෑ.

වටපිට බලද්දි තමා දැක්කෙ කැලෑව අැතුලට වැටිලා තිබුන අඩිපාරෙ ටිකක් අෑතින් මොකක් හරි දිලිසෙන දෙයක් වැටිලා තියෙනවා. ළඟට ගියාමයි එ්ක මොකක්ද කියලා හරියටම දැක්කෙ. key tag එකක්.. කොහෙ හරි දැකලා පුරුදු බවක් දැනෙද්දි, මං කල්පනා කලේ එ් කොහෙද කියලා..

❤My Idol Boyfriend❤Where stories live. Discover now