ආදරණීය වස්සානය - ඇරඹුම (01)

68 12 0
                                    


"පුතේ නැගිටින්නකො දැන් හොඳට ම උදේ වෙලා"
වෙනදා මෙන් ම අම්මා මා නැගිට්ටවන්නී ය .
" තව චුට්ටක් අම්මේ තවම හතයි නේ"
බිත්තියේ එල්ලෙන පරණ ඔරලෝසුවෙන් වෙලාව බලාගත් මම යළි අනෙක් පසට හැරී නිදන්නට වුණෙමි.
"ඕන එකක් මං යනව උඹල වගේ යැ මට වැඩ තියෙනවැ " යි සුපුරුදු වචන ටික ම කියමින් ඇය කාමරයෙන් පිටව ගියාය.
අම්මා ව කේන්ති නොගැස්සුවොත් දවසට කිසි ගතියක් නැතිවාක් මෙනි . දෑස් පිස දමමින් මම සෙමෙන් නැගිට ඇද මත වාඩි වුණෙමි. දීප්තිමත් හිරු කිරණ මට ඔච්චමට මෙන් කවුළුවෙන් එබී බලයි . ලහි ලහියේ ඇද ඇතිරිල්ල හරි ගස්වා කාමරය පුරා දෑස් යැව්වෙමි. පෙරදා අඩක් නිම කල සිතුවම නිහඩවම මදෙස බලා සිටිනවා සේය. පාට පාට නූල් ඇමිණූ ඉඳිකටු , හතරට පහට නවා පසෙකට දැමූ රෙදි කැබැලි තීන්ත , පින්සල් , බඳුන් වලින් මුළු කාමරයම හැඩි වීය.
" අදවත් මේ ටික ඉවරයක් කරල කාමරය පිළිවෙළට හදාගන්න ඕන "
මටම කියාගත් මම
" අම්මේ තේ " කියා කෑ ගසා කියමින් ඇඳ අසල ජනේලයේ එල්ලී එපිට බලන්නට වීමි. වහලය දිගේ පහළට එල්ලී වැටෙන රෝස අතු මට පෙනුණේ චිත්‍රයක් මෙනි.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

" පුතේ තේ එක " " කෝ මේ බලන්න කවුද ඇවිත් ඉන්නෙ කියල " සාමාන්‍යයෙන් කවුරුත් මෙතරම් උදෑසන මා බලන්නට නොපැමිණෙති.
"කවුරු වෙන්නැද්ද" මා වේගයෙන් හැරී බැලුවේ  හිතේ පහළවූ පැණයට පිලිතුර සොයන්නට ය.
තේ කෝප්පයක් අතැති ව අම්මා දොරකඩට වී සිනාසෙමින් උන්නා ය . වෙනදාටත් වඩා සතුටකින් ඇගේ මුහුණ පිරී තිබේ. " කෝ කවුද ? " මම අසනවාත් සමග ම ශක්තිමත් දෑතකින් මගේ දෑස් තදින් පියවුණි. "අම්මේ" කියා මට කෑ ගැසුණේ නොසිතූ මොහොතක සිදු වූවක් නිසාවෙනි.
" ක..ක..වු කවුද ? " මගේ හඬ වෙව්ලන්නට  වූයේ කාමරය තුළ වූ නිහැඬියාව නිසා ඇති වූ තැතිගැස්මත් සමග ය.

You've reached the end of published parts.

⏰ Last updated: May 30, 2020 ⏰

Add this story to your Library to get notified about new parts!

Dearest SummerWhere stories live. Discover now