ගෝල්ඩී

240 20 12
                                    

"ඉශාන් බේබි, නැගිටින්න නැත්තන් මටත් ලොකු මහත්තයගෙන් බැනුම් අහන්ඩ වෙයි ඉශාන් බේබි" මැණිකෙ නැන්දගේ කංකිරිඤ්ඤාව හින්ද මගේ නින්දත් කැඩුනා. ලොකු ඈනුමක් අරින ගමන් අමාරුවෙන් ඇස් ඇරපු මම මැණිකෙ නැන්දට විරිත්තලා ඇදෙන් බිමට බැස්සා.

"මොන කරදරයක්ද මැණිකෙ නැන්දේ... අද මගේ නිවාඩු දවස. අදවත් ටිකක් නිදාගන්න දෙන්න බැරිද?" මම බාත්රූම් එක දිහාට ඇවිදන් යන ගමන් තරහෙන් කීවා.

"ඉශාන් බෙබිටනම් මොකද, මම එපැයි ලොකු මහත්තයාගෙන් බැනුම් අහන්ඩ." මම මැණිකෙ නැන්දට ඇද කරලා බාත්රූම් එක ඇතුලට ගියා.

'නානවද නැද්ද? සතියකින්නේ, අද නාමු'

මම නාගෙන බාත්රොබ් එකත් ඇදගෙන බාත්රූම් එකෙන් එලියට ආවා.

උදෙන්ම නාගත්තම හරිම සනීපයි. උදේමකීවට වෙලාව 12. 45යි ඒ වෙද්දි.

මම මගේ කලු බොටම් එකයි නිල් පාට අත් දිග ටීශර්ට් එකයි ඇදගෙන බ්‍රෙක්ෆස්ට් ටේබල් එකට ගියා. සොරි ලන්ච් එක.

ඒ වෙද්දිත් අපේ ගෙදර අනික් උන්දැලෑ ටික ලන්ච් එකට වාඩි වෙලා.

"ආ ලොකු මහත්තයා ගුඩ් මෝනිං. ඇයි කලින් නැගිට්ටේ තව නිදාගන්ඩ එපැයි." මාව දැක්ක ගමන් තාත්තා කෑගහන්ඩ ගත්තා.

"මේ මැණිකේ නැන්දගේ කන්දොස්කිරියාව නැත්තන් තව ටිකක් නිදාගන්නව තමා..." මම හිමීට කීව. ඒත් ඉතින් එක අපේ තත්තාගේ මී කන් දෙකට ඇහුනා.

"තොට මම..." තාත්තා ඉතිරි ටික කියන්ඩ කලින් මම එයාට දත් තිස් දෙකම පෙන්නලා හිනා උනා. එයා මට රවලා අහක බලාගත්තා.

මාත් වාඩි උනාම අම්මා මැණිකේ නැන්දටත් කීවා වාඩි වෙන්නෙ කියලා. එයා අපේ ගෙදර වැඩ කරන කෙනා උනත් ගෙදර අය එයාට සැලකුවේ ගෙදරම කෙනෙක්ට වගේ. එයාත් හැමදාම අපිත් එක්ක එකට ඉදගෙන කෑම කෑවත්, තාමත් කවුරුහරි වාඩිවෙන්න කියනකන් වාඩි වෙන්නෑ.

"අයියා, අද මාව ශොපින් එක්ක යන්ඩ ඕනි. ඔයා මට ඊයෙ ප්‍රොමිස් උනා." ඒ අපේ නංගි. මීච්චියෙක්ගෙ වගේ වොයිස් එක ඇහුනම මතක් උනේ මේ වාත බෝම්බෙත් නිවාඩුවට ගෙදර ආවා කියලා.

The Sky (Sinhala novel)Where stories live. Discover now