අන්ඩර් ද ඇරෙස්ට්...

148 17 6
                                    

"අනේ ගෝල්ඩී...." මගේ කාර් එකේ සයිඩ් කන්නාඩිය ගැලවිලා බිමට වැටෙද්දි මට කෑගැහුනේ ඉබේටමයි. මම කෑගහපු සද්දෙට තාත්තාගේ මැනේජර් අන්කලුයි ගාඩ්ස්ලයි සෙකට්‍රි අක්කයි ඔක්කොම තාත්තිගේ ඔෆිස් එකට දුවගෙන ආවා.

මම එයාලව තල්ලු කරන් දුවද්දි ශයිනිත් මගේ ඉස්සරහට ආවෙ මොකද උනේ කියලා අහන ගමන්මයි. ඒත් එයාට උත්තර දෙන්ඩ වෙලාවක් තිබ්බේ නෑ. මම එයාවත් හප්පගෙන ලිෆ්ට් එක පැත්තට දුවගෙන ගියා.

කරුමේ කොච්චරද කියනවනම්, මම එතනට යද්දිම ලිෆ්ට් එකේ දොර වැහුනා. මම නවත්තන්ඩ කියලා කෑගැහුවත් පරක්කු වැඩියි.

'ශිට් මම අද අර කෙල්ලව මරනවා.'

ලිෆ්ට් එක එනකන් ඉන්ඩ බැරි හින්ද මම පඩිපෙලෙන් යන්ඩ තීරනේ කරා. මම ඉක්මනට පඩිපෙල දිගේ දුවගෙන පහලට ගියා. තිබ්බ හදිස්සියට මට තට්ටු හයක් බැස්ස කියලා තේරුනේත් නෑ.

මම බිල්ඩින් එකෙන් එලියට ඇවිත් පාර්ක් එක පැත්තට දුවගෙන ගියා. එතකොට අර කෙල්ල එතන නෑ.

මම ගෝල්ඩී දිහා බැලුවා. අනේ ඒ අසරණයා වේදනාවෙන් මගේ දිහා බලද්දි මගේ ඇස් වලට කඳුලු ආවේ ඉබේටමයි.

මම ගෝල්ඩීට කිස් එකක් දීලා බිම තිබුනු සයිඩ් කණ්ණාඩිය අහුල ගත්තා.

"ගෝල්ඩී, අනේ මට සමාවෙන්ඩ. මට ඔයාව පරිස්සම් කරන්ඩ බැරි උනා." මම දුකින් කීවා.

මම මගේ කඳුලු පිහින ගමන් කාර් එකේ දොර අරින්ඩ හදද්දි දැක්කේ, ශයිනියි, මැනේජර් අන්ක්ලුයි, සෙකට්‍රි අක්කයි, ගාඩ්ස්ලයි ඔක්කොම මාත් එක්කම දුවන් ඇවිත්. එයාලා මගේ දිහා අමුතු විදිහට බලන් හිටියා.

"ඔයාලා කවුරුහරි එයාව දන්නවද? මම නම් දැක්කෙත් අද." සෙකට්‍රි ඉන්දීවරී අක්කා හිමීට මම දිහා බලන් කියනවා මට ඇහුනා.

"මාත් කලින් දැකලා නෑ" ඒ මැනේජර් අන්කල්.

"කොහෙද යන පිස්සෙක්. අපි යමු." ඒ ශයිනි. එහෙම කියලා ඔක්කොමල හැරිලා යන්ඩ ගියා.

'එයාල ඒ මං ගැනද කීවෙ!? වෙන්ඩ බෑ එයාලා මාව දන්නවනේ...'

මම කාර් එක පැත්තට හැරෙද්දි දැක්කා කෙල්ලෙක් ස්කූටි එකකට නැගලා හෙල්මට් එක දානවා.

The Sky (Sinhala novel)Where stories live. Discover now