ෆැමිලි ෆ්‍රෙන්ඩ්ස්

137 19 15
                                    

ඊයේ දවසනම් මහා නරක දවසක්. අද කොහොම වෙයිද දන්නෑ. කොහොම උනත් අද තමා මම තාත්තාගේ කම්පැනි එකේ අලුත් සී.ඊ.ඕ විදිහට වැඩ භාර ගන්න දවස. තිබුණු කැමැත්ත නිසා ඉන්ජිනියර් කෙනෙක් උනාට, මට හොඳ බිස්නස් නොලේජ් එකක් පොඩි කාලේ ඉදන්ම තිබුණා.

මේ ෆුල් සූට් එකෙන් දවසම ඉන්න එක තමා එපාම වෙන්නේ. බලමුකෝ.

"ඉශාන්...එන්ඩකෝ අනේ පරක්කු වෙනවා." ඔන්න ශයිනිගේ බර බරේ පටන් ගත්තා. එයාට ඇදගන්ඩ පැය දෙකක් විතර යනවා. ඒ වෙලේට අපි බලන් ඉන්ඩ ඕනේ. එයා කලින් ඇදගෙන අපි විනාඩියක් පරක්කු උනොත් කනක් ඇහෙන්ඩ නෑ. අනේ මන්ද කෙල්ලො නම්.

"ඉන්නවකෝ ඕයි මේ කෙහෙල්මල් ටයි එක දාගන්නකන්."

මම ටයි එක දාගෙන මෙච්චර වෙලා වහලා තිබ්බ මගේ කාමරේ දොර අරිනකොට ශයිනි දොර ගාව හිටගෙන මට රවනවා.

"මොකද?" මන් ඇහුවෙ එයාව මග ඇරලා යන ගමන්.

"මොකද අහන්නේ. මම දැන් ඇවිත් පැය දෙකයි විනාඩි දොලහයි තප්පර හයයි... ම..."

"හතයි... අටයි... නවයයි..." ශයිනිගේ බැනුම කන්ටිනියු කරන්ඩ දෙන්නැතුව මම හයියෙන් තප්පර ගනන් කරන්ඩ ගත්තේ එයාව අවුස්සන්ඩ හිතාගෙන. ශයිනි දත්මිටි කන විදිහ දැක්කම මට මැරෙන්ඩ හිනා.

"තව හිටියම තව වෙලා යනවනේ. යමු දැන්වත්." එහෙම කියපු මම හිනා වෙවීම පහලට ගිහින් බ්‍රෙක්ෆස්ට් ටේබල් එකට වාඩි උනා. ශයිනියි අපේ ගෙදර අයයි මට කලින් බ්‍රෙක්ෆස්ට් අරන් තිබුන නිසා මට තනියම බ්‍රෙක්ෆස්ට් ගන්න සිද්ද උනා. ගෝල්ඩි හදන්න දාන්න සිද්ද උන නිසා අද මට යන්ඩ උනේ මගේ බ්ලැක් අවුඩි එකේ. මම බ්ලැක් අවුඩි එකට කැමතිම නැත්තේ ඒකෙ යන හැමදවසකම මට හොඳ හොඳ පරිප්පු හම්බෙන නිසා. අද මොනා වෙයිද දන්නෑ දෙයියනේ. ගෝඩ් සේව් මී...

මම කාර් එක පාර්ක් කරලා තාත්තගේ කම්පැනි එක ඇතුලට ගියා. අම්මයි ශයිනියි ආවෙ මාත් එක්ක. නංගි තාත්තත් එක්ක උදේම කම්පැනි එකට ඇවිත් තිබුනා.

මම බිල්ඩින්ග් එක ඇතුලට යද්දිම ගෑනු ලමයි දෙන්නෙක් මට මල් බාස්කට් එකක් දීලා මාව පිලිගත්තා.

The Sky (Sinhala novel)Where stories live. Discover now