💐INTRO💐

1.1K 84 15
                                    


දෛවය....

දෛවය කියන්නෙ ඇත්තටම මොකක්ද....

දෛවය කියන්නෙ හරිම පුදුම දෙයක්...

ජීවත් වෙන පොඩි කාලෙ ඇතුලත කොච්චර මිනිස්සු අපේ ජීවිත වලට එනවද...ඒ මිනිස්සු නිසා කොච්චර බැදීම් ඇති වෙනවද...

සමහර බැදීම් අපිට සතුටක්...ආරක්ෂාවක්...මිතුරුකමක්...සහෝදරකමක්...🙂
සමහර බැදීම් අපිට දුකක්...වේදනාවක්...විරහවක්...විදවීමක්...පලිගැනීමක්...😞 සමහර වෙලාවට හිසරදයක් වෙන බැදීමුත් තියෙනවා...🤭

ඒ හැම බැදීමක්ම ඇති වෙන්නෙ දෛවයේ විදිහට.කිසිම කෙනෙක් අපිට අහම්බෙන් මුන ගැහෙන්නෙ නෑ...හැම කෙනෙක්ම අපේ ජීවිතේට එන්නෙ දෛවයේ ලියවිලා තියෙන විදිහට...

අපිටම අපේ ජීවිත කතාව ලියාගන්න පුලුවන්නම් කොච්චර හොදයිද නේද...දෛවය අපිට ඊලගට කවුරු මුණගස්සයිද...ඒ කෙනා අපේ ජීවිත කතාවෙ මොන චරිතෙ රගපායිද...දුකක් දෙයිද..සතුටක් දෙයිද...අපිට නරකක් කරයිද...හොදක් කරයිද...ඒ දේවල අපිට කලින්ම දැනගන්න පුලුවන් නම්...එහෙනම් අපේ ජීවිත කතාව කොච්චර ලස්සන වෙයිද...සතුට විතරක්ම තියෙයි...
ඒත් එතකොට කොහෙන්ද ජීවිතේ අනිත්‍යබවක්...ජීවිතේ ලස්සන වෙන්න නම් දුක, වේදනාව,විරහව තියෙන්න ඕනෙ.ඒකාකාරීව ගෙවන ජීවිතේට වෙනසක් දැනෙන්නෙ එතකොට.🙂

මිතුරො කියල හිතාගෙන ඉන්න අය සතුරො වෙනකොට...සතුරො කියල හිතන් ඉන්න අය මිතුරො වෙනකොට...බලාපොරොත්තු නොවුන වෙලාවක බලාපොරොත්තු නොවුන කෙනෙක් අපේ ඇස් ඉස්සරහට එනකොට...යට ගැහුණු අතීතය ආයෙමත් මතුවෙනකොට...හදවතේ තුනී වෙලා තිබ්බ අදුරු මතකයන්,වේදනාවන් ආයෙමත් පෑරෙනකොට....💔අපිට හිතෙන්නෙ දෛවය අපිට සරදම් කරනවදෝ කියලා...😧🙄

දෛවය අපිට වෙනස් කරන්න පුලුවන් ද?...🤔
වෙන්න තියෙන දෙයක් නවත්තන්න පුලුවන්ද?...🤔

හ්ම්...ඒකට හරි උත්තරයක් දෙන්න ඔයාටවත් මටවත් බෑ...ඒ උනත් උත්සහ කලොත් බැරි දෙයක් ඇත්තෙත් නෑ...ජීවිත කාලෙම වේදනා විදිනවට වඩා දෛවය වෙනස් කරන්න පොඩි හරි උත්සහයක් ගන්න එක හොදයි නේද...එහෙම කලොත් 'අඩුම තරමෙ මං උත්සහ කලානෙ' කියන හැගීම නිසා අපිට පොඩි හරි සැනසීමක් දැනෙයි...🙂

මේ එයාලගෙ දෛවය...
එයාලට එයාලගෙ දෛවය වෙනස් කරන්න පුලුවන් වෙයිද...
ඒක දැනගන්න ඉතින් එයාලගෙ කතාව කියවන්නම වෙනවා...😇

ඉතින්...ඔයාලත් කැමතිනම් මේ කතාව කියවන්න...කැමති වෙයිද දන්නෙ නෑ...මේක තමයි මගේ පලවෙනි කතාව.අඩුපාඩු ඇති.මගේ උපරිම උත්සහය දරල කතාවට සාධාරණයක් කරන්න උත්සහ කරනවා.කියවන ඔයාල හැමෝටම ස්තූතියි...💐

Vote, Comment කරන්නත් අමතක කරන්න එපා ඉතින්...😊

_🌸🖤SUMIN🖤🌸_

~THE GIFT GIVEN BY FATE ~

🍁🥀The Gift Given By Fate🥀🍁 °ᵒⁿ ʰᵒˡᵈ°Where stories live. Discover now