Together till the end

1.7K 184 143
                                    

ලේ.. ?!?!??

මොකද උනේ.. මන් ඔහේ බලන් ඉන්න ගමන් කල්පනා කරා. ජන්කුක් මගේ මූන අත් දෙකෙන්ම අල්ලලා මා දිහා හොඳින් බැලුවා.

"ටේ මොකද උනේ?? "
ජන්කුක් මන්තරයක් වගේ එක දිගටම මතුරනවා.

"මන්..මන් දන්නෙ නෑ... සමහර විට මට අමාරු වෙන්න ඇති .. මට කැස්සක් ආවද ? මට මතක නෑ...ඔයා මන් දිහා බැලුවනම් ඔයාට දැන ගන්න තිබුනා."
මන් වේගෙන් කිව්වේ ජන්කුක්ගේ හිත රිදුනත් කමක් නෑ කියලා. බෙඩ්ශිට් එක අයින් කරපු එයා මා දිහා දෙතුන් පාරක්ම බැලුවේ මන් එයාට බනියි කියලා වගේ.

"ටේ.. ඔයාට කියන්න තිබුනානේ.. ඔයාට අමාරුයි නම් ඇයි මට කිව්වෙ නැත්තේ ?"
ජන්කුක් මාව හිමීට අතගාන ගමන් ඇහුවා.

"මට හැම දෙයක්ම කියලා දැන් ඇතිවෙලා තියෙන්නෙ.. ඒ වෙලේ මා දිහා බැලුවනම් ඔයා හැමදෙයක්ම තේරුම් අරගෙන ඇති. ඔයාගේ සතුටට බාධා කරන්න මන් කැමති නෑ..මට දැන් මේ කරුම ලෙඩේ තිත්ත වෙලා. "
මන් ඇදේ දිගා උනේ අනික් පැත්ත හැරෙමින්.

මන් ජන්කුක් එක්ක තරහ උනත් එයා මාව සනසනවනම් හොදයි කියලා හිතුනා. මන් පුදුමාකාර විදිහට හිත රිදෝගෙන ඒ වගේම ශාරීරිකවත් දුර්වල වෙලා ඉන්න නිසාමද කොහෙදො මට පුදුමාකාර කේන්තියක් එනවා.

මාව වෙවුලුවේ සීතල නිසාමද කියලා මන් දන්නේ නෑ. මන් ගුලි උනේ එතකොට සීතල අඩු වෙයි කියලයි.
මගේ බඩ වටේට ජන්කුක්ගේ අත් යවලා මාව බදා ගනිද්දි මන් මෝඩයෙක් වගේ එයාට පයින් ගැහුවේ මට ආපු ආවේගය නිසාමයි.

ඇද උඩ ඉදගත්ත මන් කෑ ගහන්න පටන් ගත්තා. මන්වත් දන්නේ නෑ ඇයි මන් මේ විදිහට අඩන්නෙ කියලා . ඉස්සෙල්ල උන දේ නිසාද ? මගේ ලෙඩේ නිසාද ?ජන්කුක් නිසාද ? මන් අඩන්නෙ මගේම දුරුවල කම් නිසාද ? මොන කරුමයක්ද මේක ..

මන් කෑ ගහද්දි ජන්කුක් මා දිහා බලාගෙන හිටියේ බය වෙලා වගේ. එයා මාව එයාගේ ලගට ගත්තෙවත් මාව සනසන්න හැදුවෙවත් නෑ.. මට ඕනේ තරමක් කෑ ගහන්න අඩන්න දීලා එයා මා දිහාම බලාගෙන හිටියා. හැගීමක් ආදරයක් නැති ඒ ඇස් වලින් මා දිහාම බලාගෙන හිටියා.

මට එයා එහෙම ඉදිද්දි තවත් තරහ ගියා.
මෝඩයා..
නිකමෙක් වගේ බලාගෙන ඉන්නවා මන් හිතුවා. මන් එයාගේ පපුවට අත මිට මොලවලා ගැහුවත් එයා පොඩ්ඩක් හෙලවුනා විතරයි.
එයාට ගහගෙන ගහගෙන ගිය මගේ අතින් එයා තද කරලා අල්ල ගත්ත ජන්කුක් මා දිහා බැලුවේ ඇයි මෙහෙම කරන්නෙ කියන්න වගෙ..
මාව ඇදලා ළගට ගත්ත එයා මගේ ඔලුව අත ගෑවා.

His dark princeWhere stories live. Discover now