එහා මෙහා යන සියුම් ඇඟිලි තුඩු අතර සෞම්‍යව රැඳවී සිටි පින්සල කැන්වසය පුරාම තෙත් බර රටා මවමින් රංගනයක යෙදෙයි..Odette අවුරුදු 27කට නොවැඩි වයසටත් වඩා තරුණ ඇය ජිවීතේ වැඩිමනක් වැය කරේ තනි සුදු කැන්වසයට වර්ණ ලබා දීමටයි..පැලට් එකේ පමණක් නොව වැලමිටට වනතෙක් පාට වර්ග කලවම් කරමින් කැන්වසයේ අඳින ඇයව දකින කෙනෙක් සිතන්නෙ ඇය වෘත්තීමය සිත්තරියක් කියයි.. ඉතා හොඳින් හැර දමන ලද ලී ජනේල කවුලුවෙන් එබී බැලුවොත් ධ්‍යානයකට සමවැදුනාක් මෙන් කැන්වසයේ රටා මවන ඇයව දැක ගන්න පුළුවන්.. කලු දිග සිනිඳු කෙස් නිදහසේ ඇය හිඳ සිටින බංකුවෙන් පහලටද වැටේ.. දිගු නමුත් තීව්ර දෙනෙත් කියා පෑවේ ඇගේ බුද්ධියත් ඇගේ ස්තීර ප්‍රතිපත්තිගරුක ස්වාභාවයත් ය..
(©WDTFS - Sunmi)
විනාඩි කිහිපයක් පමණ කැන්වසය දෙස බලා සිටි ඇය එතනින් නැගිට ජනේල කවුලුව වෙත පැමිණියේ සුන්දර යමක් හැමදාම දකින පරිසරයේ ඇතැයි යයි සිතමිනි.. නමුත් තනිවම ජීවත් වන ඇයට සුපිරුදු විශාල ගෙවත්තත් ගල් බිත්ති හා දුරට වන්නට තිබූ සද්ධන්ත ගේට්ටුවත් පමණක් පෙනෙන්නට තිබිනි..
දින සති මාස ඉගිල යද්දි ඇගේ සිතුවමේ වැඩ කටයුතුද නිමාවකට පත් විය.. හෙට දින ඇයගෙ සිතුවම linco ප්‍රදර්ශනයට සූදානම්..
සෑම වසරකටම වරක් පවත්වන ප්‍රදර්ශනයට odette ගෙන් සිතුවමක් ඉදිරිපත් වනවාමයි..
වෘත්තීයෙන් කථිකාචාර්යවරියක් වුන odette ආස වුනේ චිත්‍ර ශිල්පිනියක් වෙන්න. නමුත් දෛවය ඇයව යොමු කලේ කථිකාචාර්යවරියක් වන්නටයි.
වයසින් අඩු වගේම රූපයෙන්ද ලාබාල පෙනුමක් තිබුන ඇයට විශ්ව විද්‍යාල සිසුන්ගෙන් වගේම සිසුවියන්ගෙන්ද ආදරය නොඅඩුව ලැබුනි.. එසේම කිසිවෙකු මුවින් නොපැවසුවත් බොහෝ දෙනෙකුගෙ secret crush එක වුනේද ඇයයි.. නමුත් ඇගෙ සීත ගතිපැවතුම් හමුවේ ඇයට ලං වන්නට හැමකෙනෙක්ටම තරමක ගෞරවපූර්වක බියක් තිබිනි.
YOU ARE READING
Diebus Nostris (Slow Updates)
Romance"There is no place where love is perfect. There are only paintings of love created on cracks. " "ප්‍රේමය පරිපූර්ණ වු තැන් නැත. ඇත්තේ කඩතොලු මතින් නිර්මාණය වූ ප්‍රේමය නැමැති සිතුවම් පමණි." 2020/07/06