රෑ පුරාවටම ඔඩෙට්ගේ රුව පැට්‍රිශියාගෙ සිහින තුළ සැරිසරන්නට විය. ඒ හැම සිහිනක්ම ඔඩෙට්ගෙ අතෝරක් නොමැති සිප වැළඳගැනිම්වලින් පිරී තිබිනි..
සිහින අතරින්ම අවදි වූ පැට්‍රීශියාගෙ අත නිතැතින්ම ගියේ තම දෙතොල් වෙතට ය._____________________________________________
උදැසන 8:05 වූවා පමණි.. දේශන ශාලාවේ දොරද වසාගෙන ඇතුලට පැමිණියේ අන් කිසිවෙකු නොව ඔඩෙට් ය. ඔඩෙට්ගෙ තියනු ඇස් මුලු ශාලාව දෙසටම යොමු වුනේ සියල්ලෝම පැමිණ ඇත්දැයි සැකහැර දැන ගැනීමට යි..
නමුත් පැට්ගේ ඇස් යොමු වුනේ තමන්ගෙ රාත්‍රී නින්දත් හොරාගෙන තමන් ඉදිරියෙ ඉන්න ඔඩෙට් වෙතයි..
(Pic credit goes to the original owner)
ඔඩෙට් තමන්ගෙම කරගන්නට සිහිනයක් පැට්ට සිහිනයක් තිබුනත් එය මේ ආත්මයදීම නම් නොවන බව පැට්ට තේරුම් ගොස් තිබිනි..
"මම දැන් පේප' එක දෙනවා හැමෝම කතාව නවත්තලා උත්තර ලියන්න ගන්න.."
පැට්ද ඔඩෙට්ගේ හඬින් පියවි සිහියට පැම්නිනි.
හැමදෙනාම පිලිතුරු ලියන්නට ගත් හෙයින් ශාලාවම නිශ්ශබ්ද විය..
පැයක් පමණ ලිවීමෙන් පසු පැට් ඔලුව කරකවා වටපිට බලන්නට විය..
ඇයගෙ ඇස් ගැටුන දෙයින් ඇයට දැනෙන්නට වුයේ තරහක්ද එහෙමත් නැති නම් ඊර්ෂ්‍යාවක්ද කියන දේ හරියාකාරව තේරුම් ගැනීමට ඇයට නොහැකි විය..
ඇලිස්ටෙයා සමඟ කතා කරමින් සිටියේ ඔඩෙට් ය.
ඇලිස්ටෙයාගෙ පේපරයට ඔලුව යොමාගෙන ඇලිස්ටෙයා වෙත නැමී කෙරෙන කතා බහ අනිවාර්යයෙන් ම ප්‍රශ්න පත්‍රය සම්බන්ධව බව පැට්ට නොතේරුනා නොවේ.. නමුත් ඇලිස්ටෙයා ඒ අවස්තාව විඳිමික් කරගෙන ඇති බව පැට්ට තේරුම් ගියේ ඇලිස්‍ටෙයාගෙ නෙත් ඔඩෙට්ගෙ රුව පුරා දිව යෑම නිසා යි..
ESTÁS LEYENDO
Diebus Nostris (Slow Updates)
Romance"There is no place where love is perfect. There are only paintings of love created on cracks. " "ප්‍රේමය පරිපූර්ණ වු තැන් නැත. ඇත්තේ කඩතොලු මතින් නිර්මාණය වූ ප්‍රේමය නැමැති සිතුවම් පමණි." 2020/07/06