ඔඩෙට්ගෙ ගැඹුරු හඬ පැටිරිශියා වෙත ගෙන ආවේ ගෞරවපූර්වක හැඟීමක්.. පෙර දිනක තමන්ට හමු වූ ඔඩෙට් මේ නොවන වග ඇය දැන් ප්රත්යක්ෂ කොටගෙන සිටියි.
මාසයක් පමණ වනතෙක් මෙසේ උදේ සවස තමන්ට ගුරුවරයා වශයෙන් හමු වන ඔඩෙට් ගැන ඇයට වෙනත් කිසි යමක් සිතා ගැනීමට නොහැකි වූයේ කෙදිනකවත් ඔඩෙට් ඇයගෙ පෞද්ගලික දේවල් සිසුන් ඉදිරියේ ප්‍රකාශ නොකිරීමත්.. සිසුන් සමඟ කිසිඳු පෞද්ගලික හෝ ඉතා සමීප බැඳීමක් ඇති කර නොගත් හෙයිනි..'මට ක්ලාස් ප්‍රසිඩන්ට් කෙනෙක් පත් කරගන්න ඕනි.. හවස් වෙනකම් ඉන්න පුලුවන් කෙනෙක් ඉන්නවද??ඉන්නව නම් මට නම් දෙන්න මං හෙට නම් ටික ගන්නවා..එතනින් කෙනෙක් මම තෝරගන්නම්..'
ඔඩෙට් උපැස් යුවල උඩින් මුලු ක්ලාස් එකම දිහා බලලා කතා කරා..
'හරි එහෙනම්.. හෙට හැමෝම ලැහැස්ති වෙන්න ටෙස්ට් එකක් තියනවා'
එහෙම කියපු ඔඩෙට් ශාලාවෙන් එලියට ගියා...
මැඩම් ඔඩෙට් ශාලාවෙන් ගිය පසු
ලැබුනු වෙලාවෙන් ඇවිදින්න යන්න ඇලිස්ටෙයා එක්ක මං පුරුදු වෙලා හිටියා..යුනිවසිටි පුරාම ගොඩනැගිලි තිබුනත් කොනකට වන්නට යුනිවසිටි එකට ගාඩ්න් එකක් තිබුනා.. ඒ වුනාට පුරාම හිටියේ ආදරවන්තයන් විතරයි...
ඇලිස්ටෙයා පැට්රිශියාගෙ යෙහෙලිය වන්නට වැඩි කාලයක් ගත නොවිනි.. පාඩම් කරද්දි.. ලෙක්චස්වලට ඉද්දි.. හැමවෙලේකම ඇගේ අතේ අත රැඳුන යෙහෙලිය අලිස්ටෙයා බවට පත් විය..
'ඔයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද??'
ඇලිස් එක පාරට අහපු දෙයින් ඔඩෙට්ට සිනහ පහල වූයේ නිතැතින්මයි..
"තාම නැහැ.. ඔයාට??"
"මට ගෙදරින් ප්‍රොපෝසල් එකක් ගෙනත් තියෙන්නෙ ඒත් මං කැමති කෙනෙක් ඉන්නවා.. 😅"
"මම දන්නෙ නැති එයා කවුද.... ආ. .. 🤔🤔"
"ඔයා තියා මමවත් එයාව දන්නෙ නැහැ... 😅"
"ඇය් අනේ එහෙම කියන්නෙ... "
"මම හිතින් එයාට ලං වුනාට කවදාවත් එයා එක්ක කිසි දෙයක් බෙදා ගන්න හමුවෙලා නැහැ.. මම තාමත් කතා කරලා නැහැ..."
YOU ARE READING
Diebus Nostris (Slow Updates)
Romance"There is no place where love is perfect. There are only paintings of love created on cracks. " "ප්‍රේමය පරිපූර්ණ වු තැන් නැත. ඇත්තේ කඩතොලු මතින් නිර්මාණය වූ ප්‍රේමය නැමැති සිතුවම් පමණි." 2020/07/06