🥀 පහර වැදීම

1.8K 385 100
                                    


කියා ගන්න බැරි තරම් දුකත් කියා ගන්න බැරි තරම් වේදනාවකුත් පපුව පුරා දිගින් දිගටම අකුනුගහද්දී, ඇගිලි කොන්ඩේ අතරින් යවමින් කොන්ඩේ තදින් පල්ලේහාට ඇදගත්ත ජින් එකදිගටම වගේ මාස ගානක් තිස්සේ කාමරේට වෙලා ඉකි ගගහා අඩනවා.
එයාගේ හුරතලාව හොයපු නැති තැනක් නෑ.
හැමතැනම හෙව්වා.
කොහේ කියලා හොයන්නද..?

චිමීව අරන් ගියේ නිකන් කෙනෙක් නෙවේනේ...
එයා චිමීව හංගන් ඉන්නවද මේ වෙනකොටත් මරලා දාලාද ජින් දන්නේ නෑ...
නම්ජුන් ජින් ලග හිටියෙත් නෑ.
චිමීව ඩීමන් අරන් ගියහම නම්ජුන් ඇවිස්සුනු යක්සයෙක් වගේ වැඩ කරන්න ගත්තා. ජෙමින්ව අමනුස්සයෙක් නොවෙන්න වග බලා ගත්තත් නම්ජුන් ජින්ගේ ගෙදර ඉන්න තියෙන ඉඩ කඩ අඩු උනා.

නම්ජුන් කරන්න පුලුවන් හැමදේම කලා. නම්ජුන්, කායි එක්ක කාටවත් නොතේරෙන්න ජින්ගේ, ගේ ලග මුර කරන්න ගත්තේ ඩීමන් ජින්ගේ, ගේ ලගට එනවා කියලා ඉවක් දැනුන නිසායි.
නම්ජුන්, කායි දවස් කීපයක්ම එහෙම ජින්ගේ ගේ වට වෙලා තියෙන කැලේ හැංගිලා දැනුනු ඉව හරිද කියන්න බලන් හිටියා. නම්ජුන් ඒ වගේ ලොකු රිස්ක් එකක් තමන්ගේ දරුවා වෙනුවෙන් ගනිද්දී ටේට ජින්ගේ ගෙදරින් එලියට යන්නත් අවසර නැතිඋනා.

ටේ මාස ගානක් තිස්සෙම ජින්ගේ ගෙදරම නැවතිලා හිටියා. මිනිස් ජීවිතේට වඩා නුපුරුදු උනත් ටේ ඒවාට පුරුදු උනා. චිමීගේ නැතිවීමත් එක්ක ටේ හැසිරුනේ ලෙඩෙක් වගෙයි. හරියට කෑමක් බීමක් නැතුව ටේ හිටියේ ජේකේගේ ඇදේමයි. බලා ගත්තු අත බලාගෙන ජේකේ ඉන්නකොට ටේට තවත් ඉවසන් ඉන්න බැරි උනා.

ජේකේ ඇදේ එහා කොනේ ඉද්දී ටේ මේ කොනේ ඉදන් ටේට හොරෙන් අඩපු ජේකේගේ වේලිච්ච කදුලු පාරවල් දිහා බලන් හිටියා. ඒ දිහා ටිකක් වෙල බලන් හිටපු ටේ,

"කුකී..."

"ම්..."

"මාව වෙනස් කරනවද..?😞"

ටේ එයාව වෙනස් කරන්න කියද්දී ජේකේ අතරමන් වෙලා හිටපු කල්පනාවෙන් ගැස්සිලා වගේ එලියට ආවා. ටේ දිහා අමුතුවෙන් පුදුමෙන්, බයත්, මේ හැම හැගීමක්ම කැටි උනු හැගීමක් ජේකේගේ මූනේ ඇදුනා.

love bites🥀Where stories live. Discover now