පළවෙනි ලියුම

95 17 6
                                    

දුරින් හිඳ
ඔබව විඳිමි....
ඒ හැම මොහොතක් පාසා
හදවත හෙලන
සුසුම් වලට
ආත්මයම අවුලා දමන්නට
ඉඩ හරිමි.....
ඉදින් ඒ විඳවීමම
ප්‍රේමය ලෙසින්
බදා වැළඳ ගමි.....
ඇතුලතින් දැවෙමි
ඒ ගින්නෙන් අළුවී යමි
යලිත්
ෆීනික්ස් කුරුල්ලෙකු මෙන්
අළු මතින් නැගී සිටිමි...
පෙරමෙන්
ඔබට පෙම් කරමි....
කිසිදා හිමි නොවුනද
හැබෑ ප්‍රේමයෙන්
ගිනිගෙන දැවීම
ප්‍රේමයෙන් තොර
නතු කරගැනීමකට වඩා
බොහෝ සුන්දර බව
පසක් කරගත් බැවින් ....

සඳට ලියූ ලියුම්Where stories live. Discover now