Chapter 02

200 39 9
                                    

Thayong

"මගෙ ඔන්නී, මොකද අපි කරන්නේ?😊" ගයුවා හෙන අහිංසක මූනක් අලෝගෙන මගෙන් ඇහුවා. මං ඉතිම් මේකි අද උදේ කරපු හරිය දන්න නිසාම හොඳයි නැත්නම් මාත් අහුවෙනෝ ඔය බොරු අහිංසකකමට😡.

"පරක්කු කරපු උන්ගෙන්ම අහගන්නවකො" මං බැන්නා. පව් ඒකට නම් හිත රිදුනද මන්දා😅.

"අනේ ඔන්නී... හොඳ ඔන්නිනේ... බේරගන්නකෝ..." ඔන්න ඉතිම් සෙට් එකම මාව බටර්වලින් නාවන්න ගත්තා. ලිස්සලා වැටුනොත් තොපි තමා හරිද?

"කෑ නොගහ හිටපියව් මං පොඩි වැඩක් කරන්න යන්නේ. මේක වැරදුණොත් අපිත් ඉවරයි මගෙ අහිංසක HP පට්ටමත් ඉවරයි" කිව්වත් නැතත් මුං දන්නවා මම ගේමක් නැතුව අහුවෙන්නෑ කියලා😎.

"හරි ගියොත්?" අපේ පොඩි එකා මිනුවා ඇහුවා.

"හරි ගියත් නැතත් තොපි ටික ඉවරයි" මං මුංව පිච්චිලා යන බැල්මක් දාලා කිව්වා. කට්ටියම silent වෙලා අනාගතේ දකින්න ගත්තා.

මුන්ට අනාගතේ දකින්න දීලා මං මගෙ වැඩේ පටන්ගත්තා. මේකයි වැඩේ. පිනා ඉන්න හරියෙම තියෙනෝ අපි වතුර පුරෝ ගන්න tap පේළිය. මේව කඩලා nonstop වතුර එන්න හරිගැස්සුවොත් නම් කට්ටියම කලබල වෙලා එහෙ මෙහෙ දුවන්න ගනී. එතකොට අපිට හෙමීට ඇතුලට රිංග ගන්න පුලුවන් වෙයි.

මං මුලින්ම tap පහේ පලවෙනි එක කැඩුවා. දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක කැඩුවා. පස්වෙනි එකේ වතුර පාර කෙලින්ම ගිහින් පිනාගේ පිටට වැදුනා. එයා අඩි දෙකතුනක් ම ඉස්සරහට විසික් වුනා ඒ pressure එකට😂.

යමු කියන්න පොඩි උන් ටික දිහා බලද්දි තමා මගෙ රාජකීය කටට කුනුහරුප ගලාගෙන ආවේ😡. මුන්ටික ඇතුළට රිංගන එක පැත්තක තියලා බඩවල් අල්ලන් හිනාවෙනෝ😂. මං රවපු පාර කට්ටියටම සීන් එක තේරුණද කොහෙද අහිංසක හිනා ටිකක් දානෝ මට.

"දැන් තොපිට ඇතුළට යන්න එහෙම අදහසක් ඇද්ද ආ?" මාත් ඉතිම් බැන්නා. මටත් වෙලාව තියෙනෝනේ ඇතුළේ කලබලේ යනකල්.

"හී... මියානේ ඔන්නි" මින් සුවා හී....නියට කිව්වා. මොනා කරන්නද ඉතිම් මේ පොඩි එකාට බනින්නත් බෑනේ💗.

𝔻𝕒𝕪𝕤 𝕎𝕚𝕥𝕙 ℙ𝕦𝕣𝕡𝕝𝕖𝕙𝕖𝕒𝕣𝕥 𝔸𝕟𝕕 𝔹𝕒𝕟𝕘𝕥𝕒𝕟𝕘 ☞On Hold☜Where stories live. Discover now