chapter 5

203 35 33
                                    

Third person

මේ අතරතුරේ Leya යි Thayongයිත් වැටිලා හිටියෙ ලෝක අමාරුවක. ප්‍රින්සිපල් Thayong ට කතා කරල තිබුණේ ස්කෝලෙම වැඩ කඩාකප්පල් කරන purple heart කල්ලිය ගැන විස්තර අහන්න. ස්කෝලෙ HP හැටියට ඒ ගැන හොයල බලලා එයාට වගකීමක් තියෙනවනෙ. මොනා උනත් මේ ප්‍රින්සිපල් නම්.. හයියෝ... කියල වැඩක් නෑ. හොරාගෙ අම්මගෙන් පේන අහන වැඩනෙ කරන්නෙ.😂

ප්‍රින්සිපල් purple heart ගැන අහන්න Thayong ට කතා කලා කියලා ආරංචිය ඇහුව Leya හිතුවෙ වැඩේ මාට්ටු තමා කියලා. මෙලෝ සිහියක් නැතුව එයා දිව්වෙ office එකට.

"ඉන්න සර් ..මං..මං හැමදේම පැහැදිලි කරන්නම්.."එක පාරට ඔෆිස් රූම් එකට කඩන් වැදුන leya හති දදා කියනවා. ප්‍රින්සිපලුයි තයොන්ග් නුයි ෆුල් හොල්මන් වෙලා බලන් ඉන්නෝ.හෑ.. ඒ මොකක්ද ඒ උනේ..

ප්‍රින්සිපල්ගෙයි thayong යි මූණු දැක්කම leya ටත් හිතුනා මොකක් හරි ටැපලිල්ලක් වෙලා තියෙනවා තමයි කියලා.

"ඔව්..ලෙයා.. ඔයාට මොනවද කියන්න තියෙන්නෙ මේ ගැන?"ප්‍රින්සිපලුත් අහනවා.

"ආ.. සර්... මේ...."

"ඔව් දරුවො කියන්න මං අහන් ඉන්නෙ"

ඔන්න ඒ වෙලාවෙ දෙයියො වැඩ්ඩා වගේ එතනට ආවෙ ස්කෝලෙට අලුතෙන් ආපු ටීචර්.

"ආ.. මේ ඉන්නෙ.මං හැමතැනම හෙව්වා මේ දෙන්නව. වැඩක් දුන්නම හරියට කරන්න දන්නෙ නැද්ද. බලන්නකො සර්.."

"ඇයි මිස් මොකක්ද උනේ"

"බලන්නකො සර් මගේ කැබින් එකෙන් තියන්න කියල පොත් වගයක් දුන්නා.මේ දෙන්නා ඒක library එකට දීල.දැන් ඒවා හොයාගන්න බෑ"

Leya යි Thayongයි කටවලුත් ඇරන් බලන් ඉන්නව කව්ද්ද මේ මිස් ඒගොල්ලන්ට එහෙම වැඩක් කිව්වෙ කියල කල්පනා කර කර.

"ආ..බය වෙන්න එපා මිස්. leya, thayong ඔය දෙන්නා දැන්ම මේ මිස් එක්ක ගිහින් මිස්ට පොත් ටික හොයල දෙන්න ඕනා.තේරුනාද"

"ඔව් සර්"

ඔන්න තුන්දෙනාම ඔෆිස් එකෙන් එලියට ආවා විතරයි "එනවල යන්න දෙන්නම මාත් එක්ක"කියන් අලුත් මිස් ඉස්සර උනා.

මේ මොන මරාලයක් පාත් උනාද කියල හිත හිත girlsලා දෙන්නත් මිස් එක්ක ගියා.මිස් ගිහින් නැවතුනේ ස්කෝලෙ rooftop එකේ.

𝔻𝕒𝕪𝕤 𝕎𝕚𝕥𝕙 ℙ𝕦𝕣𝕡𝕝𝕖𝕙𝕖𝕒𝕣𝕥 𝔸𝕟𝕕 𝔹𝕒𝕟𝕘𝕥𝕒𝕟𝕘 ☞On Hold☜Where stories live. Discover now