Chapter 01 - හිතක තනිකම

456 66 110
                                    

අඳුරු වැටීගෙන එන වෙලාවේ කෙමෙන් කෙමෙන් නොපෙනී යන හිරු මඩල නික්මෙන අවසන් මොහොතේ පවා පරිසරයට සුන්දරත්වයක් එක් කරනවා... බැස යන හිරුගේ ආලෝකයෙන් මුළු අහසම වර්ණවත් වෙලා... නිල් දිය තලාවක්ව දිවා කල දිස්වුණ විල් තලය දැන් අහසේ පෙනෙන රතු, තැඹිලි වර්ණයන් එක්ක මුසු වෙලා...

යුන්ගි විල් ඉවුරට වෙලා මාළු බාන්න පටන් ගත්තේ එතන නිදහස් තැනක් කියලා හොඳින්ම දන්නා නිසා... මාස කිහිපයකට වතාවක්, සමහර වෙලාවට දින කිහිපයකට වතාවක් මේ තැනට එන්නේ නිදහස උපරිමෙන්ම විඳලා හිත නිදහස් කරගන්න ඕනේ උනාම... මේ පරිසරයේ නිහඬ බව එයාගේ මනසට ගෙනාවේ පුදුමාකාර සැහැල්ලුවක්...

එයාට මාළු අල්ලනවටත් වඩා ඕනේ වෙලා තිබුනේ කවුරුවත් මුණ නොගැහි ඉන්න... හැමෝගෙන්ම ඈත්වෙන්න... හැමදාටම බැරි වුනත් එකම එක මොහොතකට හරි...

ඈතින් පේන අහස දිහා බලාගෙන හිටිය එයාගේ හිත රැඳිලා තිබුනේ දෑස් යොමු වුන මානයේ නම් නොවෙයි... අහස් ඉමටත් වඩා ගොඩාක් දුර ගිහින් තිබුන එයාගේ හිත විඩාබර සිතුවිලි ගොන්නකින් තවත් වෙහෙසට පත්වෙලා...

අඳුරත්, ආලෝකයත් මුසුවුණ ඒ වටපිටාව පුදුමාකාර සුන්දරත්වයකින් හැඩවෙලා... විල් දියේ ගෑවී නොගෑවී පියාසර කරන කුරුළු රංචුවවත් පරිසරයේ නිහඬ බව බිඳ දැමුවේ නෑ... හමන මද සුළඟින් විල් දිය පවා නොකැළඹෙන නිසා මුළු වටපිටාවම ගුප්ත නිහැඬියාවක ගිලී ගිහින්....

ඒත් යුන්ගිට ඒ කිසිම දෙයක් පෙනුනේ නෑ... නිහඬ, සුන්දර වටපිටාවේ කිසිම දෙයක් ඒ හිත තවමත් දුටුවේ නෑ... ඒ තරමට එයාගේ හිත වෙන අරමුණක පැටලිලා...

ජීවිතේ සමහර බැඳීම් අත්හරින්න උවමනා වුනත් තව කෙනෙක්ගේ හැගීම්වලට රිද්දන්න බැරිකම නිසාම රැකගන්නට සිදුවෙනවා... ඒ විදිහට තමන්ට උවමනා නැති බැඳීම් නිසා අවසානයේ ආතතියට පත්වෙන්න සිද්ධ වෙනවා...

"යා... මාළුවෝ... ඔයාලා කොහෙද ඉන්නේ..?"

එක පාරම ඇහුනු ඒ කෑගැසීමට යුන්ගි හැරිලා බැලුවේ තිගැස්සිලා... එයා එතන තව කෙනෙක් ඉන්නවා කියලා කලින් දැක්කේ නැති නිසා ටිකක් පුදුමයෙන් බලන් හිටියේ...

You've reached the end of published parts.

⏰ Last updated: Jan 10, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

SEESAW | SINWhere stories live. Discover now