"ස්තූති එපා..කියන්න අනිත් කාරණාව මොකක්ද?" මම ඒක අහද්දි මෙච්චර වෙලා දිලිසුන ඇස් ආයේ අදුරු වුනා.එයා ආයේ මුහුද දිහා බලන් හිටියා.. "මට ටික දවසකට කොරියා යන්න වෙලා.ම..මම ආස නෑ යන්න.ඒත්..අප්පා එන්න කියලා බල කරා.." "ඒ..ඇයි?" "නූනාගේ වෙඩින් එකට.." "ඉතින් හොදයිනේ ළමයෝ..නූනාගේ වෙඩින් එකට ඔයා යන්නම එපැයි..පවුලේ උත්සවයක් නේ.." "එහෙම නෑ...එ..එයාලට මාව ගෙන්න ගන්න ඕන නෑදෑයොන්ට පේන්න විතරයි..අ..අනික...මම ගියොත් මම මෙච්චර මහන්සියෙන් අමතක කරන්න හදන දේවල් ආයේ මතක් වෙයි හියුන්ග්..ඒක ම..මට දරාගන්න බෑ..." එයාගේ ඇස් වලින් කදුලු වැටෙනවා ඒ ඇයි ඒ..මෙච්චර ගෙදර යන්න අකමැති වෙන්න තරම් තියෙන හේතුව... "ඒ ඇයි ?" "මම කොහොමද හියුන්ග් මම මෙච්චර කල් ආදරේ කරපු කෙනා වෙන කෙනෙක්ව බදිනවා බලන්නේ.."