කතුවරයෙක්ට ජීවිතයක් ඇඳුණහම අකුරු මැකිලා යනවා. ජීවිතේ බෙදාගන්න ලෝබ වෙන්න ගන්නවා. ඒත් ඒ ජීවිතේ නැතිවෙලා ගියහම ආයේ අකුරුවලට පණ එන්න ගන්නවා. අරණිට අකුරු ලියාගන්න බැරිවුණා ආදරේ කරන්න ගත්තහම, අරණි හිතුවා එයා ආදරේ කරන්න ගත්තු තැන හරි කියලා. ඒත් එයාට වැරදුණාද නැද්ද කියලා හිතාගන්න බැරි වෙන තරම් අවසානේ අමුතු වුණා. අඩුම තරමේ අවසානේ මොකක්ද කියලා හිතාගන්න බැරි වෙන තරම් අමුතු වෙන්න ගත්තා. අරණිගේ ජීවිතේ නැති වුණා කියලා එයා හිතන්න ඇති. එතනදි ආයෙත් අකුරු මතු වුණා. තේරසක කියන්නේ ඒ අකුරු මතු වුණු පිටු දහතුන. 2024. 07. 28