ද්වි

140 11 3
                                    

එදා ලැබ් එකෙන් එළියට එයා මාව ඇදගෙන ගියේ අනික් පැත්තේ තිබුණ බයෝ ලැබ් එකට. බයෝ ලැබ් එකේ ප්‍රජනනය පාඩමට, ජීවයේ මොකක් හරි ගැන තිබ්බ පාඩමකට කලලයක් වර්ධනය වෙන වීඩියෝ එකක් දාලා පෙන්නන ගමන් හත් මාසයක් වයසැති කලලයක් එතනින් තියලා තිබිලා තිබුණා. මුලින්ම තෙව්නියි මායි දෙන්නා වීඩියෝ එක බැලුවා. ඒ මුළු වෙලාවෙම එයාගේ අත තිබ්බේ මගේ ඉණ වටේ. ඩෙංගු හොඳ වෙලා තාම දවස් කීපයක් නිසා මට හරියට ඇඟට පණක් තිබ්බේ නෑ. ඒක පිටින් ගහලා තෙව්නිගේ ඇඟට හේත්තු වෙලා හිටියට මට පස්සේ තේරුණා මම එයා ගාව හිටියේ ඇඟට පණ නැති නිසා විතරක් නෙවෙයි කියලා. 

"බයෝ ළමයි වුණහම වීඩියෝ විතරක් පෙන්නලා හරි යන්නේ නෑ ප්‍රැක්ටිකල් කරලත් පෙන්නන්න ඕන." තෙව්නි කිව්වේ අපි දෙන්න‌ා ප්‍රජනනය වීඩියෝ එක දෙපාරක් බැලුවට පස්සේ. 

"සයන්ස් ලැබ් එකේ වයිෆයි එකට පෝන් හබ් එන්නේ නෑ." බයෝ එකේ ළමයෙක් කිව්වා.

ඒ විහිළුව එතනින් ඉවර වෙලා තෙව්නි මට පෙන්නුවා අර හත් මාස කලලය. අපි දෙන්නා ඒක දිහා බලන් ඉන්නකොට මොකක් හරි හේතුවක් නිසා එයා මගේ අතින් අල්ලලා ‌බබාලා ගැන කතාවක් ඇහුවා. කතාව හරියට මතක නැතත් අපි දෙන්නා කතා වුණේ අර කලලය අපි දෙන්නගේ බබා නම් දාන නම ගැන. අන්තිමට කලලයට 'තිසිත' කියලා නම දාලා අපි දෙන්නා එතනින් එළියට ආවා. ලැබ් ඩේ එක ඉවර වුණාට පස්සේ අවුරුදු පොළයි අවුරුදු උත්සවෙයි.

මුලින් තිබ්බේ අවුරුදු පොළ, දෙවනි ‌දවසේ අවුරුදු උත්සවේ. මම අවුරුදු පොළට කේක් හදන්න බාරගත්තා. මම පොළටයි අවුරුදු උත්සවේටයි එන්නේ නෑ කියලා කලින්ම කියලා තිබ්බේ මට මැච් වගයක් එක්ක තැන් තැන්වල හිටගෙන ඉන්න බැරි තරම් ලොකු වෙහෙසක් ඇඟේ තිබුණ නිසා.

"ඔයා හෙට එනවද?" පොළට කලින් දවසේ තෙව්නි මට මැසේජ් එකක් දැම්මා.

"නෑ."

"ආහ්.. හරි හරි." 

එයාගේ මැසේජ්වලින්ම එයා හිටියේ අප්සට් ගිහින් කියලා මට තේරුණා. හැබැයි ඒ වෙද්දි අපි දෙන්නා කැමතියි අරවා මේවා මුකුත් නෑ. එයා කැපුවත් ස්ට්‍රේට් කියලා ප්‍රසිද්ධ කෙනෙක්. මම නම් ජාත්‍යන්තර වශයෙන් ගෑනු ළමයි පස්සේ ගියපු කෙනෙක්. තෙව්නි ඉස්කෝලේ කරපු ඩ්‍රාමා එකක පිරිමි චරිතයක් රඟපාලා ෆේමස් වෙලා නංගිලා එයාගේ පස්සෙන් ඇවිත් එයා ඒ නංගිලා එක්ක කතා කරන එක නතර කරලා තිබ්බා. එහෙව් එකේ මගේ යාළුවා මට කිව්වේ කැමති බවක්වත් තෙව්නිට අඟවන්න නම් එපා කියලා. 

තේරසක  || Sinhala WlWWhere stories live. Discover now