' විනාඩි පහලොවක් පමන ගිය පසු අත්තම්මා ආපසු ආවෙ ඉලිකෝත් ඉලේරියනුත් කැටුව ය .
" අසල්වැසියෙනි , ඉදගනිල්ලා ! " අත්තම්මා කීවා ය.
" හොඳා දැන් ඉතිං මොනවද නුඹ කරලා තියෙන්නෙ ? " ඉලේරියන් මගෙන් ඇසීය .
" මොකුත් නෑ , මම මේ පාසල් හැරයාමේ සහතිකේ ගත්තා විතරයි " මම ඔහුට සහතිකය පාමින් කීවෙමි .
" මං නුඹලව එජ්ජ ආවෙ මේක ඇත්ත සහතිකයක් ද නැත්තං ගිය අවුරුද්දෙ ගෙනැත් පෙන්නුව චරිත සහතිකේ වගේ අනුන්ගෙ එකක් ද කියලා බලාවාගන්ඩයි . "
සහතිකය ගත් ඉලේරියන් මුද්‍රාව ද , අත්සන ද පිරික්සා බැලීය . පහනේ ආලෝකයට ද අල්ලා බලා ඔහු එය ඉලිකෝට දුන්නෙය . ඉලිකෝ ඊටත් වඩා සුපරික්ශාකාරීව එය විමසා බලා ඉන් පසු මෙසේ නිවේදනය කලේය .
" මේක හරියටම හරි . සැක කරන්ඩ මොනවත්ම නෑ . "
" නුඹට සහතිකද ? "
" ආයෙ දෙකක් නෑ ඒකේ . පලවෙනි හේතුව එයාට කවමදාවත් මේ විදියට ලියන එක අල්ලගන්න බැරි වීම , දෙවෙනි හේතුව සහතිකේ පිටිපස්සෙ රුසියානු බාසාවෙනුත් ඉස්සරහ පැත්තෙ ටික ම ලියලා තිබීම , තුන්වෙනි හේතුව ඒ විදියට රුසීයනු බාසාවෙන් එහෙම දෙයක් ලියන්ඩ පුලුවං තරම් කිසිම ශිෂ්‍යයෙක් අපේ සබ්ලෝනාට නැති වීම , හතර වෙනි හේතුව , උඩ ඉදලා පහලටම යනකං කිසිම විශේකට සාමාන්‍ය සම්මාන ඇරෙන්ඩ විශිෂ්ට සම්මාන නැති වීම . ඉතිං හොඳටම පැහැදිලි මේක එයාගෙ ම කියලා . "
# අත්තම්මයි මමයි ගමයි ( නොඩාර් ඩුම්බාඩ්සේ )
කස්ටිය මේ කතාව හරිම ලස්සනයි ... මම මේ කතාව මේ කියවන්නෙ දහවෙනි වතාවට !
මේ කතාව ඒ තරම් ලස්සනයි !
මේ කතාවෙ ඉන්න ලමයගෙ අම්මයි තාත්තයි දෙන්නම නෑ... අත්තම්මා විතරයි ඉන්නෙ. මේ කතාවෙ එයත් එක්කම ඉන්නවා ඉලිකො යි , ඉලේරියන් කියලා දෙන්නෙක්. මේ ගොල්ලො එයාගෙ යාලුවො වගේ .
හිනා යන , ඇඩෙන වගේ ම , ආදර ගැන කියන ලස්සන කතාවක් !
මේක පිටරට කතාවක් උනාට ... ලංකාවෙ ආත්තම්මලාගෙ හැඩරුවම අපිට මේ අත්තම්මගෙත් මැවෙන එක විශේෂයි .
මේකෙ ඉන්නෙ කොල්ලෙක් . ඒත් ඒ කොල්ලා මෝඩ චරිතයක් කියල කියනකොට ... ඒ චරිතෙ නිකම් අපි ගැනම කියනවා වගේ දැනෙන්නෙ . ඒක කියවලම බලන්න ඕනෙ ඉතින්...