Lizzy_Hazel

          ආදරේ කියලා හිත පිළිගන්නට
          ඔබ තනිකර මගෙ වෙන්නම ඕනෙද
          තන්හා ආශා නුඹ ගැන මොකටද
          එහෙම දේවල් නෑ හිතේ මගෙ…. 
          
          
          

Lizzy_Hazel

          ආත්මෙන් ආත්මෙට පතාවිත් 
          ඇසිල්ලෙන් මගහැරෙන්න 
          අයිතියක් නොපතාම ඉන්නම්
          දුකක් ආයෙත් නොඑන්න 
          පෑරෙනා මතකත් අරන් මම 
          යන්න යන්නම් නොඑන්න 
          ටිකක් හරි හිත වෙනස් වුණොතින් 
          'ඉන්න' විතරක් කියන්න 
          වෙරළෙ නවතිනු බැරි බවත් දැන 
          රැල්ල වෙරළෙම බැඳෙන්න 
          නුඹේ හිත ළඟ නතර වුණු එක 
          මගේ වරදද කියන්න 
          
          හමු වුණත් හිමිවෙන්න පින් නැති
          පවට ගිනිගෙන දැවෙන්න 
          ශේෂ වූ ආදරේ මිස 
          වෙන හේතුවක් නෑ රිදෙන්න 
          මේ භවේ මෙතනින් ඉවර වී
          තව වරක් මුණ ගැහෙන්න 
          ආයෙමත් සමු අරන් යන්නම්
          මතකෙ මට ඉඩ තියන්න 
          
          
          මතක ඇතුව 
          එන භවයකවත්
          මාව විතරක් පතන්න ......