හීන ගොඩක් එක්ක ජීවිතේ ගෙවනකොට
ආසම දේවල් අතහරින්න වෙනවා
නොලැබෙන දේවල් වැඩිවෙද්දී ,
යාලුවෝ වෙනස් වෙද්දී ,
ඒ දේවල් අනිවාර්යයෙන්ම දරා ගන්නම වෙනවා...
කන්නවත් නැතුව වතුර විතරක් බීලා , දවස ගෙවා ගන්න වෙද්දී ,
ආසම ඇදුමක් ගන්න නොලැබෙද්දී ,
අනිත් අය trip යද්දී , ඔයාට විතරක් ඒකත් නොලැබෙද්දී ,
අනිවාර්යයෙන්ම
ඔයාට ඒ දේවල් දරා ගන්න වෙයි...
හිනාවට වඩා අඩපු දවස් එක්ක හරි හරියට ඔට්ටු වෙද්දී ,
නිදිවරාගෙන කට්ට කාගෙන ඔයාගේ හීන වෙනුවෙන් කැප වෙන්න වෙද්දී ,
වැටුනු තැන්වල කවුරුත් ලග නැති වෙද්දී ,
අනිවාර්යයෙන්ම ඔයා ඒක දරාගන්නම ඕනි...
අනිවාර්යයෙන්ම ,
ඔයාට ලස්සනම ලස්සන දවසක් ඒවි...
ඔයාට කටුක උන කතාවත් හරි ලස්සනට හැමෝටම කියන්න පුලුවන් වෙන ,
අඩපු තැන් ගැන හිනා වෙලා කියන්න පුලුවන් වෙන ,
දරා ගත්ත හැටි අනිත් අයට කියන්න පුලුවන් වෙන....
අන්න එදාට ,
අපිත් ඉදී වීරයෙකේ කතාවක් අහගෙන
හැමෝම උනන්දුවෙන් , කැපවීමෙන් වැඩ කරලා ලස්සනම ලස්සන කතාවක් ලියන්න....
හැමෝටම කියවන්න ආස හිතෙන...
නිහතමානී චරිතයක පිටපතක්...❤️
#Copied