NoahVrakos

සරල වචන කිහිපයක් එකතු කොට නුඹට ලියමි.
          	
          	වරක් දෙවරක් නොවේ කිහිප වරක්ම නුඹේ රැවටීම් නුඹේ වංචාවන් හමුවේ නොසැලී නුඹටම මා පෙම් කළ යුරු තවමත් මගේ මතකයේ වේ.
          	
          	නමුදු දැන් මා නපුරු සිහිනයක් දැක අවදි වූවකු සේ තැති ගෙන සිටිමි.
          	
          	ජීවිතයේ මා සතු සියලු වටිනා වත්කම් අතහැර මට මෙලොව වටිනා එකම සම්පත නුඹ යැයි සිතා නුඹ වෙනුවෙන් මා මගේ ලෝකය නුඹට අවැසි ආකරයට සකසා ගතිමි.
          	නුඹ දුන් දාහකුත් දුක් වේදනා හමුවේ තනිවම හැඬීමි. නුඹට චෝදනා කරමින් නුඹ තුරුලේම වැටි වැටී හැඬීමි.
          	
          	දුක් දෙන්නට මෙන්ම ඒ දුන් දුක් කියන්නට මට සිටි එකම පුද්ගලයා නුඹම පමණි.
          	
          	මා නුඹට මා වෙනුවෙන් මගේ ප්‍රේමය වෙනුවෙන් ටජ් මහලක් තනා දෙන්නැයි නොඉල්ලුවෙමි. මා වෙනුවෙන් විල්ලුද පලසක් අතුරන්නැයි නොඉල්ලුවෙමි. මා සතපවන්නට රන් යහනාවක් සාදන්නැයි නොඉල්ලුවෙමි.
          	නා නා විද සැප සම්පත් නොව නුඹේ ආදරය පමණක් මහා විශාලව මා හට අවැසි වුණි. ඉතින් යාදින්නෙකු මෙන් නුඹේ පසුපස හඬ හඬා ආදරය සිඟමන් යැදීමි.
          	
          	නුඹේ අතැඟිලි ගණනට නුඹට ඇති බොහෝ ආදර කතා අතර මමද තවත් එක අතුරු කතාවක් පමණක් බව කෙසේ විශ්වාස කරම්ද?
          	
          	නුඹ මා හිත වපුල ආදරය නැමැති බීජය මහා වෘක්ෂයක් ව අතුපතර විහිදවා මා හදවතේ වැඩෙද්දීම නුඹ එහි රැවටීමත් වංචාවත් වපුලේය. ක්‍රම ක්‍රමයෙන් මාගේ හදවත තුළම කුළුදුල් ආදරයේ මරණයද සිදු විණි.
          	
          	වසර ගණනාවක ප්‍රේම කතාවක අවසන ඉතින් දැන් නුඹ නිවැරදිකරුය.
          	මා සියලු දේට වරදකරුය.
          	මට නුඹ පිළිබඳව හෝ නුඹේ චෝදනා පිළිබඳව හෝ කිසිදු දුකක් හෝ වේදනාවක් නොමැත.
          	ඉතින් අප පමණක් දන්නා අතීතය, අප පමණක් දන්නා ආදරය කෙදිනක හෝ අප හිත් තුලම මිය යා යුතුය.
          	යළි උපතක් බලාපොරොත්තු නැතිවම හදවත් තුළම මිය යා යුතුය.
          	
          	මා ජීවිතයම මට අහිමි කළ ඒ සා ප්‍රේමයක් මට යළි කුමටද?
          	
          	නුඹත් මමත් පමණක් දන්නා බොහෝ දෑ බොහෝ විට අවශ්‍ය වන්නේ ලෝකයාටය.
          	ආදරය මිය ගිය හේතු අවශ්‍යයෙන්ම අවශ්‍ය වන්නේ ලෝකයාටය.
          	බොහෝ ප්‍රශ්න කිරීම් සිත් පෑරවීම් අතර සබඳ මම මුනිවත රකිමි.
          	ඔබෙත් මගෙත් යහපත වෙනුවෙන් සියලු චෝදනා බාරගෙන මුනිවත රකිමි.
          	ඉතින් මේ දඩුවම් නුඹට පෙම් කළ නිසාවෙන්ම නිසා ඉවසමි.
          	
          	---continue in the comment section---
          	
          	---  A. M. N. ---

NoahVrakos

මෙලොව ඇති සියලු වස්තූන් අනිත්‍ය වන බැවින්ද නින්දා ප්‍රසංශා ලාබ අලාබ යස අයස ආදී වූ අටලෝදහම සියලු ලෝ දනන් වෙත පොදු වූ ධර්මතාවයක් වූ බැවින්ද ඉවසමි.
          	  ප්‍රියයන්ගෙන් වෙන් වීමද අප්‍රියයන් හා වෙසීමද දුකකි. මෙලොව මා වඩාත්ම ආදරය කළ මා වඩාත්ම ප්‍රිය කළ එකම ආදරණීය පුද්ගලයා නුඹ වූ බැවින් මේ වෙන්වීම හදවතට දරා ගැනීමට නොහැකි අප්‍රමාණ වේදනාවක් වූ නමුදු මිහිපිට මට වඩාත්ම ආදරය කරන මා වෙනුවෙන් සහ මගේ ආදරණීයයන් වෙනුවෙන් නොමැරී හෙටත් ජීවත් වෙමි.
          	  
          	  මා හට මේ නපුරු ලෝකයෙන් මිදී කොහේ හෝ සැඟවී යාමට ඇත්නම්.!
          	  
          	  දැනුදු හදවතේ කොනක නුඹ නමින් අංශු මාත්‍රික ආදරයක්, මේ පපුව පුරාම කෙදිනකවත් නොපිරෙනා එකම එක හිස් තැනක් මේ මොහොතේත් ඇති බවට මාහට සපත කල හැකිය. ඒ වසර ගණනාවක් නුඹ නවාතැන් ගත් තැනයි.
          	  
          	  කෙලෙස අමතක කරන්නද පපුවට මේ තරම්ම බරට දැනෙන්නට ආදරේ දුන්නු විඳවන්න වේදනාවන් දුන්නු නුඹව මම කෙසේ අමතක කරන්නද.
          	  
          	  නුඹත් මමත් දන්නා හදවත පිලි නොගන්නා සත්‍ය නම් නුඹ යලි කෙදිනකවත් මාගේ දිවියට නොඑන වගයි. නමුදු ඒ හිස් තැන අයිති නුඹටම පමණි. විශ්වාස කළත් නොකළත් නුඹේ ඒ අයිතිය මැරෙනතෙක්ම මම රකින වග සපත කරමි.!
          	  
          	  නුඹත් මමත් බිදෙන් බිද කාලයක් පුරාවට හදවත් තුල වපුල ආදරය නැමති බීජයේ අවසන් ඵල ලෙස නෙලා ගනු ලැබුවේ වෛරයම පමණි.
          	  
          	  ඉතින් සියල්ල අවසන් වූ කල තවත් අටුවා ටීකා ලියා කුමටද.
          	  
          	  සියල්ල අවසන හදවතේ දළු ලා වැඩෙන පසුතැවීමත් සමඟ මම නුඹට සමු දෙමි.
          	  
          	  මින් මතු වැරදීමකින් හෝ අහඹුවකින් හෝ මේ සසර ගමන අතරමග කිසිදු දිනෙක නුඹත් මමත් කිසිම ලෙසකින් යලි හමු නොවේවා. එයයි මාගේ පැතුම.!
          	  
          	  - A. M. N. -
Reply

මිනිසුන්ගේ ඇත්ත මූණ අපිට පෙන්වනවා. එයාලගේ සැබෑ මුහුණ අපි ඉස්සරහට අරගෙන එනවා. කර්මය හෝ වේවා සොබාදහම හෝ වේවා මේ සියල්ල ඇතුලත් විශ්වය , ඇත්තටම අපිට පෙන්වනවා මිනිස්සුන්ගේ සැඟවුණු මුහුණු ! 
          
          එයාලගේ ඇත්ත අපි ඉස්සරහ දිග ඇරෙනවා. එයාලගේ සැබෑ ගතිගුණ එළියට එනවා. එයාලා දාගෙන ඉන්න හොඳ වෙස් මුහුණ අපි ඉස්සරහ එක මොහොතකදී ගැලවෙනවා. එයා ග්‍රීන් ෆ්ලෑග් එකක්ද එයා බොහෝම අනතුරුදායක රෙඩ් ෆ්ලෑග් එකක්ද කියලා අපි ඉස්සරහ පෙන්වනවා....
          ඒත් ඔයා දන්නවද ...
          
          බොහෝ තැන්වලදී මිනිස්සු දාගෙන ඉන්න ව්‍යාජ මුහුණ ගැලවෙද්දි අපි ඒක පිළිගන්න කැමති නෑ කියලා. අපි ඒක දැක්කේ නෑ වගේ ඉන්නවා කියලා 
           බොහෝ දුරට ලස්සන වෙස් මුහුණක් අස්සේ හැංගිලා ඉන්න අවලස්සන හිත් අපිට පේන්නෙ නැහැ. කොයි තරං සංඥා දුන්නත් කොයි තරම් ඉඟි දුන්නත් අපිට ඒවා දැනෙන්නෙ නැහැ. බේරිලා පැනලා යන්න කියලා විශ්වයෙන් කොයි තරම් නම් අනතුරු ඇඟවීම් කළත් අපි යන්න සූදානම් නැහැ. මොකද අපි ඇත්ත පිළිගන්න ලෑස්ති නැහැ. බොහෝම තද පාඩමක් ඒ තුළින් ඉගෙන ගන්නකල්.. බොහෝම තද වේදනාවකින් වැටෙනකල් අපි එතනම ඉන්නවා....
          
          පුළුවන් නම් ගැලවෙන වෙස් මුහුණු , ලැබෙන අනතුරු ඇඟවීම් ගැන සැලකිල්ලෙන් ඉන්න 
          මොකද  සමහර වෙලාවට ඒ අවුරුදු ගණනාවක පසුතැවීමකින් බේරෙන්නට ලැබෙන අවස්ථාවක් වෙන්ඩ පුළුවන් ! 
          
          -Gumiho's Diary-

tharuX

@NoahVrakos හ්ම්ම් හිතලා බලනකොට ඇත්ත තමයි ❤️
Reply

tharuX

අයියේ ඔයාලා පරිස්සමින් ඉන්නවා නේද ❤️

tharuX

@tharuX කරදරයක් නැත්නන් එච්චරයි , අපිටත් අවුලක් උනේ නෑ අයියේ, ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ❤️
Reply

NoahVrakos

@tharuX ඔව් නංගා... ඔයාලත් පරිස්සමින් ඇති කියල හිතනවා ❤️
Reply

tharuX

අයියේ කොහොමද ඉතින් ඔයා හොදින් ඉන්නවා නේදෝඕඕ ❤️

tharuX

@tharuX හොදින්නම් සතුටුයි❤️
            අපිත් හොදින් ඉන්නවා අයියේ :-)
Reply

NoahVrakos

@tharuX හායී.... හොදින් ඉන්නවා නන්ගී. ඔයාට කොහොමද ? ❤️
Reply

NoahVrakos

I live by one simple rule: never go to bed angry.
          
          Life is too short, and love too precious to waste even one day in silence or resentment. We all have moments when tempers flare, words slip out wrong, or pride steps in the way, but I’ve learned that for peace of mind and peace in love, it's worth swallowing a bit of pride.
          
          If you went to bed upset last night, or if something still feels unfinished between you and someone you care about, take a moment today to fix it. Say what needs to be said, even if it’s awkward or hard. Apologize if you should, listen if you need to. Then just hug it out. There’s so much healing in that.
          
          Don’t let a small disagreement cast a shadow over something you’ve spent so much time building with care and love. The truth is, no relationship is perfect, but choosing to make things right, again and again, that’s what makes it strong. It's never too late to do the right thing as long as the people you love and care about are around.
          
          Hold your people close, love them deeply, and be grateful for every morning you get to wake up beside someone you care about. Don't let ego get in the way. ❤️

NoahVrakos

November might not sparkle with the same colors as October, but it has its own magic. It’s the month that invites us to slow down and wrap ourselves in soft blankets, share stories over warm drinks, and find joy in the small, familiar things.
          
           November, on its own way brings peace, slows down time, and softens the world. The trees rest, the air cools, and the days feel like gentle reminders to pause and savor life. It’s a time to notice what truly matters: the people who make our hearts feel full and the peace that comes from simply being.
          
          So make yourself that extra cup of coffee, open a well-loved book, listen to your favorite playlist, or do what makes your heart come alive, and let November remind you that even in the quiet, life can be beautifully warm.

Lola_BRNX

@NoahVrakos such a coooooooozy month luv it ❤️❤️
Reply

NoahVrakos

If you want your relationship to last.
          Then you’re going to have to learn a lot about forgiveness. Learn a lot about sacrifice.
          About sometimes putting what you feel aside in order to make things work.
          You’re going to have to get used to losing every once in a while.
          Get used to not getting what you want sometimes.
          Get used to sharing the spotlight.
          Sharing what’s yours. Your mind. Body. And soul.
          
          You’re going to have to learn how not to be alone all the time. How to share your deepest thoughts and secrets with someone you love. How to be vulnerable.
          And how to be okay with this change.
          If you want to make a relationship work, then you must learn about these things.
          
          Because these things will make the difference between how much you’ll grow together. Between how long it will last.

NoahVrakos

සිදුහත් - යශෝදරා තරම් ප්‍රේමනීය පෙම් පුවතක් 
          මේ සසර පුරාවටම ඔබ අසා නැත 
          සාජහන් - මුම්ටාස් පුවත තරම් ප්‍රේමයක නටඹුන් 
          මේ දිවිය පුරාවටම ඔබ දැක නොමැත 
          රෝමියෝ - ජූලියට් ආලය තරම් ඛේදාන්තයක් 
          ඔබ කිසි දිනෙක විඳින්නේද නැත 
          එහෙත්, 
          කලියුගයේ රෝමියෝ වන්නට සිහින මවමින් 
          ජූලියට් සොයන ගමනේදී 
          එක් පාරක් වැරදුනු සැනින් ඔබ 
          මතට තැබූ තිතට කොමා දමන්නට යයි.....!