උනුහුම් හුස්මකින් පපු පදාසයක් තෙත් කරන්න පුළුවන්ද ඇහිපිය ගහන පමාවකට හිතක් එක්ක ආදරෙන් බැදෙන්න පුළුවන්ද..
ඔව් මන් හිතන්නේ ඒක පුළුවන්
උබ මට ඒක කලා.. එක බැල්මකින් ලා රත ගැහුණු ඔය තොල් අගින් දුන්න ලස්සන හිනාවක වශියක් එක්කම උබ මාව මටම කන්ට්‍රෝල් නැති කලා..
හැන්දෑ වරුවක තැඹිලි රත ගැන්වුනු අහසක් එක්ක ලානිලට දිලෙන දඩබ්බර මුහුදක් එක්ක.. අහසත් පොලවත් එක්ක එකට ගැට ගැහුනු ඒ ක්ෂිතිජ මායිම දිහා බලාගෙන මන් උබත් එක්ක වරුවක් කල් ගෙව්වා..
ඉර අහසේ හැංගිලා ඒ තැනින්ම හද මතුවෙලා මධ්‍යම රෑ වෙනකම්ම මන් උබත් එක්ක මුහුදු හුලං රැලි විදින ගමන් ඒ අහස දිහා බලාගෙන උන්නා..
උබේ ලා තොල් මගේ බෙල්ල පුරාවට දෙනෝදහක් ඉස්සරහ රටා මවන්න පටන් ගද්දි
අනේ බන් මාව අවුස්සන්න එපා කියන්න මගේ කටින් මිමිණුවා..
අන්තීමේදි උබ මගේ පාලනේ සම්පූර්ණයෙන්ම උබේ ඔය ලා රතතොල් වලට යටකරගද්දි, මන් ඔහේ උන්නා...උබවත් හෙමිහිට විදින ගමන් උබේ හැම හැගීමක්ම මගෙන් සන්සිදව ගන්න මම ඉඩ දුන්නා..
ටිකෙන් ටික තොල් අගින් මුල්ගත්තු හාදුව පපු මායිම වෙනකම්ම නොසන්සුන්ව හැගීම් අවුලවන්න උත්සහ කරද්දි.. දහදියෙන් තෙත් වුනු අපි දෙන්නගෙම සිරුරු උමතුවෙන් වගේ රමණයක්ම ඉල්ලද්දි.. අහම්බෙන් වගේ මගේ මූනට අයිස් තරම් සීතල වතුර පොදක පහසක් දැනුනා..
කොල්ලෝ!!තවත් මගේ යකාඅවුස්සන් නැතුව නැගිටපන් .. බලපන් 11යි වෙලාව..
හහ්!! හීනයක්..
මුහුදු රැලි ගහන සද්දෙටත් එහා කනලගට වෙලා බෙරිහන් දෙන අම්මගේ ඝාන්ටාර දේශනාව ඇහෙද්දි.. මූන පුරාවට විසිරුණු වතුර ටිකත් සරමෙන් පිහදාගන්න ගමන් මන් නැගිට්ටා..
මුහුදු හුලගත් එක්ක එන නැවුම් කංජි සුවද නාස්පුඩු පුරාවට උඩු දුවද්දි...හැමදාමත් වගේ අම්මව දකින පමාවට මගේ කටින් කියවෙන ඒ ආදර වදන මිමිණුනා..
අම්මේ මට බඩගිනි!!
eonz....^^