වැස්ස දවසට ක්ලාස් කට් කරන්න, ඔෆිස් කට් කරන්න හිතෙනවා නේද රායා?
වැස්සෙ සීතලේ සනීපෙට ගුලිවෙලා කෝපි කෝප්පයක් බොන ගමන් රිලැක්ස් වෙන්න කාටද නොහිතෙන්නෙ?
ඒත් ලෝකෙ හැමෝටම, වැස්ස වෙලාවටඇඳේ ගුලි වෙන එක චොයිස් එකක් නෙමෙයි නේද රායා?
කෝපි නෙමෙයි, බඩ පුරවන්න බත් කටක් වෙනුවෙන් සමහර මිනිස්සු වැස්සෙම නැහෙනවා අනන්ත.
ඒ අතින් ජීවිතේ කියන එක හැමෝටම සාධාරණ නෑ නේද රායා?
-වලෙන්තිනෝ-
ටික දවසකට කලින් හොඳටම වැස්ස දවසක බස් එකක යන ගමන් මම මේක පණ එපා කියලා ටයිප් කරා නෝට් පෑඩ් එකේ.
වෙලාව හවස හය විතර වෙද්දි මම සාමාන්යෙන් එතන පහු කරනවා.
හැමදාම හවසට එතනින් යද්දි වයසක අම්මෙක් පාරෙ තියන් එලවලු විකුණනවා. පුටුවක්වත් නෑ ළඟ, හිටගෙනමයි ඉන්නෙ. පාස් කරන් යන සැරේට මේ මනුස්සයට හරි මහන්සි ඇති, හිතෙනවා අනන්ත. අර සද්ද බද්ද පිරුණ පාරෙ දූවිලි රස්නෙ අස්සෙ රුපියල් කීයක් හොයන්නද මෙච්චර නහින්නෙ?
එදා අනෝරා වැස්ස. පුරුද්දට මට එතන පාස් වෙද්දි ඒ දිහාව බැලුනෙ අද නම් නැතුවැති හිතිලා.
නෑ එදත් හිටියා. එලවලු වැස්සට ඔහේ තෙමෙනවා, එයත් තෙමෙනවා. ඔලුවට දාන් ඉන්න ප්ලාස්ටික් බෑග් එකට අනෝරාව දරන්න හයිය නෑ. ඒසී බස් එකක වාඩිවෙලා එලිය බලන් වැස්ස එන්ජෝයි කරන්න තරම් ප්රිවිලේජ් එකක් තිබ්බ මට මං ගැන ලැජ්ජ හිතුනා එවෙලෙ, පොඩි දෙයක් උනත් කඳුලු හලාගෙන ජීවිතේ මට අසාධාරණයි කියාගත්ත එක හරිද හිතුනා.
ඔව්, ජීවිතේ නම් අසාධාරණයි, එක එක්කෙනාට එක එක විදිහට.
ඒත් සමහර අහිංසක මිනිස්සුන්ට, ටිකක් වැඩියෙනුත් එක්ක.