තුනී සේද සළු වන් කලාති රැස්,
නොතෙමා තෙමමින් මහ මූකලාන,
වෙලා ගැනුමට කළ සන්,
නොසළකා හැර එම අරණ,
දිළිහෙන ආලේපයෙන් බැබලුණු,
සහස් රැස් විමානෙට,
වහල් වූයේ යළි නො එන්නට වුව,
දිළිහි පැහැ වියැකුණු පසු,
එයද මුල් නොමැති රුක් අතර,
වෙනසක් නොතිබු අතර,
අධිසාන්ද්‍ර අවැසිව,
කැළුමට වශී වූ සබඳ අප හට,
රැදෙන්නට වෙයි යළිඳු,
සීතල සෘතු යුද්ධය වන තුරු..
නමුදු ඇබ්බැහි නොවී වසන්තෙට,
නොයිද අඳුරු මහේශාක්‍ය ලීලාවෙන්,
වෙර දරපන් පිපෙන්නට,
කටුක සීතල හිම මැද විකසිත,
පියකරු 'පියෝනි' යක් විලසින..!
හැඟීමට වඩා බුද්ධියට මුල් තැන දෙන, රටේ හෙට දවස සුභ කර ගත හැකි විභවයන් ගබඩා කර ගත හැකි, සියළුම ශ්‍රී ලාංකිකයන්ට සුභ වන, සුභ අලුත් අවුරුද්දක් උදා වේවා'යි ප්‍රාර්ථනා කරනවා!!
_YEUL-CHIMMY_