ඔබ අකාලයේ නික්මුණු බව පවසන්නේ අපය..
නමුත් ඔබ තෝරාගත් දිනය අදය..
හේතු දහසක් මවන්නේ අපය..
එකම නිවැරදි හේතුව දන්නෙ ඔබය..
ඉවසන්නට තිබූ බව පවසන්නේ අපය..
ඉවසූ තරම දන්නේ ඔබය..
ලස්සන, දක්ෂයෙකු දුලභ අයෙකු වන්නේ අපටය..
දුලභ මිනිසා නුදුටු මිනිසා ඔබය..
ආදරය ඔබට සුලභ යැයි සිතන්නේ අපය..
ඔබට අවැසි කවුරුන්ද යන වග දන්නේ ඔබය..
කාට හෝ පවසන්නට තිබූ බව සිතන්නේ අපය..
ඇසිය යුතු කෙනා ඇසුවාදැයි දන්නේ ඔබය..
ඔබ රැක ගැනීමට තිබූ බව සිතන්නේ අපය..
එසේ නොසිතූ කෙනෙකු සිටි නොසිටි වග දන්නේ ඔබය..
ඔබ ශක්තිමත් නැතැයි සිතෙන්නේ අපටය..
ඔබ මීට වඩා දේ දරාගත් අවස්ථා දන්නේ ඔබය..........
-Copied-
Rest in peace! Beautiful soul #MOONBIN ️