"මේ.... මුදියන්සේ මාමා වෙද මහත්තයද..??"
"එහෙමයි.. මේ නෝනා මහත්තයා...?"
"මම අයිවරි, වෙද මහත්තයා.."
"හ්ම්.. හ්ම්... නෝනා මහත්තයා කොළඹ රටේ වෙන්ටෝනැ...මම හරි නෙව..?"
"ඔව් වෙද මාමා.."
"හ්ම්ම්ම්ම්.. මේ ගොම්මන් යාමෙ මේ තරන් දුර බැහැරක් ගෙවාන මේ ගම් තුලානට ආව කාරණාව සුළු පටු එකක් වෙන්ට බෑ මයෙ හිතේ. ඈඳිගත්තා නම් මෙහාට ඇවිත්...!"
"අනේ... හොඳමයි මාමෙ...."
"බොහෝම තෙහෙට්ටු පාටයි නෙව ඔය දැරිවිට..."
..............
"අපෙ හාමිනේ.. මේ නෝනා මහත්තයට තැඹිලි වතුර ඩිංගිත්තක් ඇන්න ආවා නම්, තෙහෙට්ටුව නිවාගන්ඩ...!"
...............
"හ්ම්ම්..... නෝනා මහත්තයා මේ වෙද ගෙදරටම ආව කාරණේ ආන් අර පේන රෝද හතර ඇතුළෙ හුස්ම අල්ලනවා වෙන්ට ඕනා..."
"අනේ වෙද මාමෙ... මාමාට පිං අයිති වෙයි.. මගෙ දරුවට පිහිට වෙන්න මාමෙ.. මට ඒකාව සනීප කරලා දෙන්න.. මට දැන් ඉන්නෙ එච්චරයි.. උඩ ඉන්න දෙයියෝ බුදුන් දන්නවා.. මම ඒකාව එක්කන් නොගිය රටක් නෑ මාමෙ.. ඒත් වැඩක් උනේ නෑ.. අහිංසකයගෙ කකුල් දෙක කැඩුනා කැඩුනා මයි.. මට වාවන්නෑ මාමෙ.. අන්තිමට මට ඉතුරු උනේ මේ වෙද ගෙදර විතරයි..."
"කාරි නෑ කාරි නෑ.. නාඩා උන්නා නම් ඉස්සරෝම..."
.................
"නෝනා මහත්තයට වෙද ගෙදරට එන පාර පෙන්නුවෙ...?"
"මගෙ කම්පනි එකේ වැඩ කරන කෙනෙක්මයි.. මාමා තමයි දනංජයවත් සනීප කරලා තිබුනෙ.."
"හ්ම්.. හ්ම්ම්... මට මතකයක් තියෙනවා ඔය නම.. ඒ ඇත්තා ඔය දැරිවිට කීවෙ නැතිද... වෙද සාස්තරේ මම අත් ඇරලා බොහෝම කල් බව...!!"
"වෙද මාමා..???"
.....................
(පළවෙනි කමෙන්ට් එක බලන්නකො)