daraWijekoon
අද ජනවාරි 15.....
මං හිටියෙ පාර අයිනෙ. එයාගෙ වෙඩින් එකට යන්න. පළවෙනි දවස තිබුනෙ නුවර පාරෙ හොටෙල් එකක. ඉතින් මං බස් එකේ යනවට වඩා එයලත් එක්කම යන එක ලේසී. මොකද එයාලගෙ ගෙදරට ගොඩක් දුරයි. අපෙ පවුලටම එන්න කීවත් ගෙදර කාටවත් යන්න පුලුවන්කමක් නෑ. පහු වෙවී යන වාහන අස්සෙ එකපාරටම සරසපු කාර් එකක් මාව පාස් කරලා ගිහින් නැවැත්තුවා.
මීට අවුරුදු 8ට කලින් මගෙ දෙවෙනි අක්කගෙ වෙඩින් එකේ දෙවෙනි මනමාලට හිටපු එයා නිලමෙ ඇඳුමට මාරම ලස්සනයි. එදා මූමන්ට්ස් මට හොදට මතකයි. දැන් මතක් කරණකොට ඇත්තටම අක්කට වඩා මට එදා හිටපු එයාව මතකයි.... මං හිතුවෙ නෑ ම්නමාලයෙක් විදිහට මට එයාව දකින්න පුලුවන් වෙයි කියලා. ඉතින්, මේන් මං ඉස්සරහා නිලමෙ කෙනෙක් වගේ එයා ආදරණීය වයිෆ් එක්ක . හිතුවෙවත් නැති මොහොතක. මට පුලුවන් උනා එයාව එහෙම බලන්න. ඉතින් මට සතුටු නැද්ද? එයා ගොඩක් සතුටින් හිටියෙ. ඒකම ඇති මට සතුටු වෙන්න.
විනාඩියකින් එයා යන්න ගියාම මහ පාරෙ මගෙ ඇස්වල කඳුළු බැඳිලා.. දැනුත්....
මං අනාගතේ හීන මවන කෙනෙක් නෙමේ. මං එයාව හැමෝගෙන්ම හොයන කෙනෙක් නෙමේ. ඒත් අවුරුදු ගානක් පුරාම අපෙ ගෙදරින් ප්රපෝසල් එකක් ගේනකොට මට මහ වේදනාවක් දැනුණා. එයාව මතක් උනා. ඉස්සරහටත් වේවී. වෙන පිරිමිකෙනෙක් ගැන හිතන එක පවා මට හිසරදයක්.
දැන් එයාගෙ මුළු පවුලම එක්ක මං එයාගෙ ගෙදරට යන ගමන්. මට මහ පිටස්තර ගතියක් දැනෙනවා. පැනලා යන්න හිතෙනවා.. අද අනූගෙ එහා පැත්තෙන් මං හිටියා නම්... මට මැවිලා පේනවා...
මං කවද්ද හිතුවෙ මේ තරම් මට රිදෙයි කියාලා? හෙට සම්පූර්ණ දවසක් මං එයාව බල බලන් ඉනෝනෙ. සමහරවිට මං ආයෙම එහෙ නොයාවි. සමහරවිට .. මන්දා...
මගෙ පපුව රිදෙනවා අනූ...!
Nishi_Korala
@daraWijekoon සමහර දේවල් මග ඇරෙන්නෙ ඊටත් වඩා හොද දෙයක් ලැබෙන්න කියලා කියනවනෙ.. දවසින් දෙකෙන් හිත නොහැදුනත් අපි ඕකට හුරු වෙනවා දරුවෝ ..
velvet_orchid
මොනා කියන්න ද කියලා හිතා ගන්න බෑ අක්කෙ… ඒත් සමහර දේවල් අයිති කරගන්න තරම් අපි වාසනාවන්ත නැතුව ඇති. හිත රිද්ද ගන්න එපා වත් දුක් වෙන්න එපා වත් කියලා වැඩක් නෑ කියලා දන්නවා..
ඒත්……. දවසක සැනසීමක් දැනෙන දෙයක් අනිවාර්යයෙන් ම සිද්ද වේවි…
NoahVrakos
@daraWijekoon my colleague also got married today and his wedding was also held at a Hotel located at kandy road. Guess we are not talking about the same person.