jsanjee_18
පැටව්නේ.. දෙයක් කියන්න ආවේ.. මෙහෙමයි මන් කතා දෙකක් දාලා තියනවනේ.. 1. හිනාවෙන දේදුන්න 2. My Dragon ඉතින් පැටව්නේ මේ කතා දෙක අහසයි පොළවයි වගේ හාත්පසින්ම වෙනස් කතා දෙකක්.. වෙනම වයිබ් දෙකක්.. හිනාවෙන දේදුන්න ගත්තොත්.. මන් ඒක ලියන්නේ හරිම නිදහසේ.. ඒ කතාව ඇත්තටම සරල ලස්සන හුරුබුහුටි කතාවක්.. මන් ඒක ලියන්නේ කතාවේ බොටම්ගේ pov එකෙන් කියලා ඔයාලා දන්නවනේ.. එයා අවුරුදු 19ක සරලව නිදහසේ ආතල් එකෙ ඉන්න කොල්ලෙක්. ඒ නිසා මට හරි ලේසියි ඒ චරිතෙට පණ පොවන්න..අනික ඒක බරපතල plot එහෙකට ලියවෙන කතාවකුත් නෙමෙයි.. හැබැයි ළමයි My Dragon කතාව ගත්තොත් ඒක හරිම සංකීර්ණයි වගේම බරපතල plot එකක්.. ඒකෙ pov එක නම් මන් වැඩිහරියක් දෙන්නේ බොටම් පැත්තෙන් උනත් සමහර අවස්ථාවල pov එක ටොප් බොටම් දෙන්නටම මාරු කර කර දෙන්න තමයි හිතාගෙන ඉන්නේ මොකද නැත්තන් කතාව තේරුම් ගන්න අපහසු වෙන නිසා.. ඉතින් එතකොට මට චරිත දෙකකට මාරු වෙන්න වෙනවා වගේම ඒ චරිත දෙකත් ටිකක් බැරෑරුම් මොකද ඒ දෙන්නම වයසින් නැතත් ක්‍රියාවෙන් පරිණත අය සහ සැගවුණ චරිත.. ඉතින් ඔයාලට තේරෙනවනේ.. මේක එසේ මෙසේ සෙල්ලමක් නෙමෙයි.. මන් තාම මේකට අලුත් නිසා මට ගොඩක් අමාරුයි. හැබැයි පැටව්නේ එහෙමයි කියලා මන් මේක අත අරින්නේ නම් නෑ කොහොමහරි ලියනවා.. ඉතින් මන් මේ කියන්න ආවේ ඔය ටික තමයි.. ඔයාලට මාව සහ මගේ කතා දෙක තේරුම් ගන්න ලේසි වෙන්න.. කැමති අයට පුළුවන් මට කවර්ස් වීඩියෝ පොස්ට් හදලා දෙන්න මට ඒ දේවල් ගොඩක් වටිනවා..