ආදරය..❤️🩹
හ්ම්...😔
ලස්සන අකුරු හතරක්...👌
සුන්දර වචනයක්...😍
ඒ අකුරු හතර ඇතුලත ඒ..තරම් ම සුන්දර ඇතිද ? 🤔
ආදරය යනු විශ්වය ම වන බැවින්,
මේ විශ්වයේ පවතින කිසිවකට ආදරය සම කල හැකිද ?
ආදරය ට නිර්වචන දෙන්න ඔබට මට පුලුවනි ද ?
හදවතින්ම පමනක් උපදින ආදරය යනු හැගීමක් නොවේද ?
ප්‍රකාශිත වුවත් අප්‍රකාශිත වුවත්, හිමි වූවත් අහිමි වූවත්, ප්‍රේමය යනු
හැගීමක් පමනක් ම බව කෙදිනක හෝ ඔබට වැටහුනිද?
ඔබ මා අකුරු නොදැන සිටියා නම්, ඒ හැගීමට නමක් දෙන්නට කෙදිනක හෝ හැකි වේවිද ?
ආදරය යනු එක්වීමක් ද ?
නැත්නම් වෙන්වීමක් ද ?
ප්‍රේමය ටත් කල් ඉකුත් වන දිනයක් ඇති බව ඔබ නොදන්නෙහිද ?
ප්‍රේමය හිමි වූ තැනම එය මිය යන බව ඔබ දැන සිටියාද ?
මන්ද ,
ප්‍රේමය අහිමි වූ තැන එය අමරණීය වනු ඇත ?
හදවතෙහි ඉපිද හදවතෙහි මිය යන ආදරයට ගතු කීමට ඔබට මට ඇති අයිතිය කුමක්ද ?
ආරම්භයක් ඇති නම් එහි අවසානයක් ද ඇති බව අමතක වීද,
උපදින සියල්ල මිය යන වග ඔබ මා නොදන්නෙහිද?
ඉතින් ප්‍රේමය ඔබ මා හදවතෙහි ඉපිද හදවතෙහි ම මිය යා යුතුව ඇත,
එයට අයිතිවාසිකම් කීමට මට ද අයිතියක් නැත...💔
මන්ද ප්‍රේමය යනු හැගීමක් පමනක් ම වන නිසාය....❤️🩹
- JoinedMarch 7, 2024
Sign up to join the largest storytelling community
or