Without you Just memories became a blank space
***.
.Miracles In December: Chapter 07
.
dorm එකේ කට්ටියම එකට කාලෙ ගෙව්වත් මේ වගේ දවස් එන්නෙ ගොඩක් කලාතුරකින්.. මුලු දවසම photoshoot, practise වලින් හෙම්බත් වෙලා කට්ටිය අාපහු dorm එකට එන්නෙම අැඳට වැටෙන්න බලාගෙන.. එච්චරටම මහන්සි සේරටම... සමහර දවස් වලට dorm එකට එන ගමන් කට්ටියට van එකේම නින්ද යනවා.. ඉතින් එ් වගේ දවස් වලට කට්ටියව අැහැරවලා rooms වලට යවන්න manager විඳින්නෙ එසේ මෙසේ දුකක් නම් නෙවෙයි...
අද, එ් හැම දවසකටම වඩා වෙනස්.. කාලෙකට පස්සෙ කට්ටියම එකතු වෙලා සද්දෙට හිනා වෙනවා.. එ් හිනාවට තව දෙන්නෙක් අද එකතු වෙලා.. යෙහෙලියි, මිතූයි... මේ කට්ටියත් එක්ක proffessional විදියට වැඩ කරන්න ලැබුනත් මේ විදියට එයාලාත් එක්ක කාලෙ ගෙවන්න ලැබෙයි කියලා එ් දෙන්නා කවදාවත් හිතන්න නැතුව අැති..
කාලෙකට පස්සෙ කට්ටිය එකතු වුන සතුටටත් වඩා කට්ටියට තියෙන්නෙ pizza කන්න ලැබුන සතුට.. කට්ටිය කිව්වට specially baekhyunට තමා ඉතින්.. එක අතකින් pizza එකත් අල්ලගෙන අනිත් අතින් phone එක උඩ පහල යව යව හිටියෙ ඉතුරු වෙලා තිබුන අන්තිම pizza කෑල්ලත් පෙට්ටියත් එක්කම කකුල් දෙක උඩ තියාගෙන..
කට්ටියම එක එක දේවල් වල.. එ්ත් සේරගෙම අවධානය එක තත්පරේකින් baekhyun දිහාවට හැරුනෙ phone එක දිහා බලාගෙන හිටිය කොල්ලා එකපාරටම කෑගහගෙන නැගිටිද්දි..
YAAAAAAAAAAAAA ! ! ! !
baekhyun මෙලෝ සිහියක් නැතුව එකපාරටම නැගිටිද්දි කකුල් දෙක උඩ තිබුන pizza කෑල්ලත් තව ටිකෙන් බිම වැටෙනවා... ඉස්සරහට පැනපු jongin කෙහොම හරි pizza කෑල්ල වැටෙන්න දෙන්නෙ නැතුව අන්තිමේදි අල්ල ගත්තෙ කීප සැරයක්ම උඩ දදා ඉඳලා..
YOU ARE READING
Miracles In December [ONGOING]
FanfictionThe sun will shine tomorrow as it does today... But one day it will shine for the one last time... And never again.... Miracles in December 27/11/2020 ❄