tae : මොකෝ උනේ උඹට අර දේවල් ගැන දැන ගන්න ලැබුණද ?
jungkook : ආයේ...... නැතුව මම වැඩක් කරොත් ඔහොම තමයි ....
tae : ආහ් හා හා පම්පෝරි නවත්තලා වැඩේ කරමු ... එහෙනම් උඹ අර වැඩේ කරාද ?
jungkook : ඒක තාම වෙන ගමන් .... කොහොමත් මේ සෙනසුරාදාට කලින් තිබ්බොත් ඇති නේ?
tae : හ්ම් ඔව්. එහෙනම් අපි හෙට හම්බෙමු ! අපේ ගෑනි එක්ක බෑ බං , මාව මරා ගෙන කන්න හදනවා ... දැන් ගිහින් පොල් ගාල දෙන්න ඕනේ (කව්ද කියලා දන්නවා ඇති නේ 🌚🐸)..
(ප.ලි.:මෙයා හිතන් ඉන්නේ මෙයා ටේගෙ ගෑණි කියලා,හෘනෙන් තමයි-මීට හාරා)
...................ඔවුන් බලාපොරොත්තු වූ ඒ සෙනසුරාදා දිනය උදා විය.jungkook හා tae උදෑසන සිටම යමක් සැලසුම් කරමින් කාලය ගත කරමින් සිටි නිසා jungkook ගේ අම්මාට සැක සිතිනි.
"අපේ කොල්ලා අර හාදයා එක්ක මොනා කරන්න යනවාද මන්දා ? මුන් දෙන්නා ආපු වෙලාවෙ ඉඳල මුමුණනවා ඉවරයක් නෑ ! ඔය tae කොල්ලව නම් මට පේන්න බෑ .... ඕකා කඩප්පුලි ගෙම්බෙක් 🐸..... අපේ පුතාට වැඩක් තියෙනවා නම් අර kd ළමයා එක්ක කරගන්න තිබ්බ නේ ! අනේ මංදා මගේ කොල්ලගේ බෙල්ල ගහලා යන වැඩක් ද දන්නේ නෑ ! 😠" jungkook ගේ අම්මා සිතමින් සිටියාය.
අම්මා : ඈ පුතේ ! කෝ kd කොලුවා ?
jungkook : ඌ එන්න බෑ කිව්වා අම්මේ වැඩ තියෙනවා කියන්නේ !
tae : ඕකට ඇති වැඩක් නෑ නැන්දේ ... ඕකාගේ බොරුව ...
අම්මා : මම ඇහුව මගේ පුතාගෙන් .... 😑
jungkook ගේ අම්මා එසේ පවසා ගස්සගෙන නිවස දෙසට ගියාය. ඇයගේ ගමන දෙස tae වික්ෂිප්ත වී බලා සිටිද්දී , jungkook අම්මා පිළිබඳ මද අමනාපයකින් බලා සිටියේය.
tae : ඒ මොකෝ බං ඒ ?
jungkook : ආහ් ගනං ගන්න එපා බං ... අපේ අම්මා ඔය වගේ තමයි....
කිසිවක් කර කියා ගැනීමට නොහැකි තැන jungkook එසේ පැවසීය.
tae : හ්ම් හ්ම්..... එහෙනම් හවස හම්බෙමූ..... මම මෙතන තව ටික වෙලාවක් හිටියොත් ඉලපත් පාර කාගෙන තමයි යන්න වෙන්නේ ...
tae එසේ පවසා නැගිට සිටියේය. ඒ කතාවට jungkook හට මදක් ලැජ්ජා සිතුනත් ඔහු ඒ බවක් නොපෙන්වා සිනා සීය.
YOU ARE READING
💜ආච්චිගේ චීත්තෙ💜
Fanfictionමේ ff එක මම ලිව්වේ මගේ ආදරණීය අක්කි හාරා වෙනුවෙන්. ඇයගේ අනුදැනුම ඇතිව මම මේ කතාව පාඨක ඔබට දිග හැරීමට සිතුවෙමි. මුලින්ම ඇයට මා ස්තූතී කළ යුතුය. ඇයගේ උදව්වෙන් මම මේ ff එක ලිව්වේ! ඒවගේම ! මේ කතාවේ ප්රදාන නළුවා වන අපි කවුරුත් ආදරේ කරන golden maknae ට ක...