💜පළමු වෙළුම💜

3.6K 282 153
                                    

සුවහසක් ප්‍රේක්ෂක ජනතාව ගේ මුවඟට සිනහවක් ගෙන දුන් ඒ jungkook ගේ සහ හාරාගේ ආදර කතාව! ශ්‍රී ලාංකික ජීවිතය කෙරෙහි අසීමිත මෙව්වා එකක් දුන් ඒ කතාව මෙතැන් සිත දිග හැරේ !

~අාච්චිගේ චීත්තෙ~

1990 දශකයේ හාරා නැමැති ඒ සුන්දර තරුණිය ජිවත් වුණේ ශ්‍රී ලංකාවේ තිබුණු සුන්දර ගමකය. ගමෙහි හැදී වැඩුණු නිසා ඇය ඉතාමත් කඩිසර ලෙස තම වැඩ පල පමණක් නොව , තමාගේ මල්ලි ගෙ , අම්මාගේ , තාත්තාගේ හා විශේෂයෙන් තම මිත්තණියගේ වැඩ පල ද සිදු කරයි. එපමණක් නොව ගමෙහි සිටින සුන්දරතම තරුණිය ඇය පමණය. ඇයගේ ලස්සනට හා දෙසවන් (සි දෙසවන් නෙවෙයි දෑස්) වශී කරන ගමන් විලාසයට ලන්වෙන්නට වත් ගමෙහි කිසිම තරුණියට නොහැකිය. සෑම තරුණයෙක් ම ඇයගෙන් මනාපය අසා පැමිණියත් , ඒ හැම තරුණයෙකු ම නැවත ගියේ අතක් පයක් හෝ බෙල්ලක් දෙකට නාවාගෙනය. එයට හේතුව ඇයගේ ළඟින්ම සිටින ඇයගේ ආච්චිය. කට හැකර උනත් ආච්චිගේ , හාරා තම මිත්තනීයට බොහෝ සේ ආදරය කළාය. දවසක් උදේ වරුවක මෙසේ සිදු විය.

"හාරෝ!!!! උඹ ඇඳුම් හෝදන්න ගඟට යනකොට , මගේ චීත්ත වාගයක් ආන් අරහේ තියෙනවා ! ඒවත් හෝදාගෙන වරෙන් !" අාච්චි පැවසුවාය.

"හොඳයි අාච්චී" හාරා බොහොම සංවර ලෙස පැවසුවාය (ඔව් ඔව් අපිනේ දන්නේ සංවර මෙව්වා එක 🌚).

දවල් වන විට ඇය සේදිය යුතු ඇයගේ ගවුම් කිහිපයක් හා ආච්චිගේ චීත්ත ටිකද රැගෙන ගඟට යන්නට සැරසුනාය !

"මේ කෙල්ලේ ! ඔය රතු පාට මල් වැටුණු චිත්තෙ මගේ හොඳම චීත්තේ ! ඔන්න ඕකට මොනවා හරි කරනවා එහෙම නෙවෙයි ! "

"හා හා හරි ආච්චි ! " (මොන මල කරදරයක්ද ?) කියා ඇය සිතුවාය (පේනවා නේ , සංවර කම🌚).

ඉන්පසු ඇය දෙවැට දිගේ ඉක්මන් ගමනින් ගඟ දිශාවට ඇදුණාය (මැවෙනවා යන විදිය 😂).ගඟට ආ පසු ඇය රෙදි ගෙන ආ කූඩය අසල තිබූ ගලක් උඩ තබා එකින් ඒක ගෙන ගලෙහි ගසමින් සෝදන්නට විය (ඔය බලෙන් කියවල හෝදපු නිසා නැත්තම් හෝදන්නේ නෑ 🌚). ඇඳුම් සේරම සෝදා අවසන් වී ඇය සියලු රෙදි මිරිකන්නේ නැතුවම කූඩයට දමා ගත්තාය. ඉන්පසු ඇය නැවතත් ගේ දිශාවට හැල්මේ දිව ගියාය (දෙපාරක් තුන්පාරක් වැටුනට පස්සේ ලු ඇවිද්දේ 🌚).

💜ආච්චිගේ චීත්තෙ💜Where stories live. Discover now