හාරා නිවස වෙතට එන විට ආච්චි මිදුලට වී කලබලයෙන් මෙන් මිදුලේ ඒ අතටත් මේ අතටත් ඇවිද ඇවිද සිටියාය. ඇයගේ මුඛයෙන් ගිලිහුනේ අසා සිටි හැකි වදන් නම් නොවේ.හාරා මිදුලට ආ විට ආච්චිගේ අවධානය ඇය වෙත යොමු විය. ඉනෙහි අත් තබා ගත් ආච්චි හඬ අවදි කළාය.
"ආහ් උඹ දැන්ද එන්නේ ?.... අපූරුයි පිරිමි පරාණයක් ඉන්න තැනකට ගිහින් පරක්කු වෙලා එන විදිය... ? ඈ බං, මොකෝ උඹේ ඔය තොල ඉදිමිලා වගේ? වැටුණා වත්ද ? " හාරා ගේ මුහුණ වෙත නැඹුරු වෙමින් ආච්චි පැවසුවාය. ඒ වදන් ඇසුණු හාරා තිගැස්සී ගියාය. ඇගේ මුහුණේ ඉරියව් වෙනස් වීමට පෙර ඇය බිම බලා ගත්තාය.
"ආහ්...මේ ඒක මේ ඊයේ ...ම්...මල්ලි ... ගලකින් ග්...ගැහුවා .... ඒකයි ම්... මේ... ඒ... ඒකෙන් වැඩක් නෑ ආච්චි ! මොකද මේ නිකන් තරහ ගිහින් වගේ ? " ඇය මාතෘකාව වෙනස් කළාය. තරහෙන් හා කලබලයෙන් මෙන් සිටි ආච්චිගේ තරහව තව තවත් වැඩි වනවා ඇයට පෙනුණි.
"තරහ ? මගේ යකා අවුස්සන්න තමා මේ හැම එකාලටම ඕනේ !.... තෝ දන්නවද ? තෝ දන්නවද වෙලා තියෙන වැඩේ ? " ආච්චි ඇයගේ ඇඟට කඩා පනිමින් විමසීය. කිසිවක් නොදත් හාරා ආච්චි වෙත ප්රශ්නාර්ථ බැල්මක් හෙළීය.
"මොකද්ද වෙලා තියෙන්නේ ? " පෙර තිබූ ප්රශ්නාර්ථ බැල්මෙන්ම ඇය ආච්චිගෙන් විමසීය.
" ඔව් ඉතින් තෝ දන්නේ මොනවාද ? තෝ දන්නේ එතන මෙතන ගිහින් තොඳොල් වෙන්න විතරනේ ...... බලාපිය මගේ මේ චීත්ත දිහා බලාපිය .. කොහේදෝ ඉඳන් ආපු බළල් පරාන ටිකක් මෙව්වයේ ජරා කොරල...... අම්මපා ඕකුන් අහු උනොත් මම...... දනී කරන දේ ?... හනේ ඇත්තටම මගේ චීත්ත වලටමනේ ගහන හෙන ඔක්කොම ගහන්නේ ..... ඇයි යකෝ....දෙයියො මම චීත්ත අඳිනවට කැමති නැද්ද ? මම ඉන්න ඕනේ හෙළුකොට්ටෙන්ද !..... " ආච්චී අඳෝනා තබන විට හාරා තමාගේම ලෝකෙක තනි විය. බළලුන් පිළිබඳ මතක් කිරීම නිසා ඇයගේ සිත මේවෙලේ තිබුණේ kd අසලය. kd ගේ පූසන් පැමිණ ඇතැයි ඇය අනුමාන කළාය. එදා දවසක ඇය පිළිකන්නේ සිටියදී කිවිසුම් යාමට හේතු වී ඇත්තේත් ඔවුන් විය යුතුය. පූසන් යම් තැනකට එන්න පුරුදු වෙන්නේ තම ස්වාමියා ගේ මග ඔස්සේ පැමිණ ඒ මාර්ගය මතක තබා ගනිමිනි. ඒ තම ස්වාමියා ඒ පිළිබඳ සතුටු වේ යයි සිතාය. එසේම ටික කලක් යන විට ඒ පුරුදු වුණු ස්ථානයටම වී කල් ගෙවන්නට පූසන් පුරුදු වෙයි. හාරා ගේ අම්මා කිහිප විටක්ම ඔවුන් එළවන්නට උත්සාහ කළත් , ඔවුන් ඒ වෙලාවට පමණක් එතනින් පලා ගොස් නැවතත් පැමිණි බව ඇයට මතක් විය.
"හාරෝ .... කෙලී මෙහෙ බලාපිය.... තෝ කොහෙද එක පාරට ගියේ ... මං කිව්වේ මන් කිව්වේ තෝ ඉන්නේ මේ ලෝකේ නෙවෙයි .... " ආච්චිගේ කෑ ගැසීම නිසා තම සිතුවිලි ගංගාවෙන් එගොඩට පැමිණි හාරා නිවසට යෑමට සූදානම් විය.
"මේ කෙල්ලේ.... උඹ ගඟට ගිහින් මෙන්න මේ ටික හෝදන් වර .... ගිය සැරේ වගේ ඉලව්වක් කරොත් තෝව මම හම ගහන්නේ...... " හාරා ගේ සිත කෝපයෙන් දැවිනි.
"අනේ ආච්චි මම ආවා විතරයි... මට දැන් යන්න කම්මැලියි..... මෙන්න අර චීත්තෙ... "
"ඈ යකෝ? තෝ ඔහොමද බොගේ ආච්චිට කතා කරන්නේ ? මම කියන දේ කරාපිය... පලයන් ... දැන්ම පලයන්... මගෙන් ගුටි නොකා... මෙහෙ දීපන් ඕක..."
"ආහ් මේකට වඩා නම් මගේ පරණ චීත්තෙ ලස්සනයි... හහ්... කමක් නෑ ... 😑
දැන් උඹ පලයන්... "හාරා නිවස තුළට ගියේ දෙඅත් මිටි කරමින් හා ආච්චිගේ චීත්ත වලට ද්වේශ කරමිනි.
ඇය නැවත පැමිණියේ සබන් කෑල්ලක් සහ කූඩයක් රැඟෙනය. "කෝ දෙන්න ආච්චි මම ඉක්මනට හෝදාගෙන එන්නම් ... මගුල 😑" ඇය ආච්චිගේ අතේ තිබුණු චීත්ත උදුරා ගත්තාය.
"හහ් මේ ගෑනි බලපන්කෝ .... තාම ඇටෙන් පොත්තෙන් එළියට ආවා විතරයි..... 😑" ආච්චි සිතුවාය.~දහතුන්වන කොටසින් හමුවෙමු~
YOU ARE READING
💜ආච්චිගේ චීත්තෙ💜
Fanfictionමේ ff එක මම ලිව්වේ මගේ ආදරණීය අක්කි හාරා වෙනුවෙන්. ඇයගේ අනුදැනුම ඇතිව මම මේ කතාව පාඨක ඔබට දිග හැරීමට සිතුවෙමි. මුලින්ම ඇයට මා ස්තූතී කළ යුතුය. ඇයගේ උදව්වෙන් මම මේ ff එක ලිව්වේ! ඒවගේම ! මේ කතාවේ ප්රදාන නළුවා වන අපි කවුරුත් ආදරේ කරන golden maknae ට ක...