ජිමින් හොසෙක්ගේ උදව් ඇතිව අරියාව තාප්පයට නග්ගා ඇය තාප්පය මත ඉඳගනිද්දී හොසෙක්ගේ උදව් ඇතිව ඔහුද තාප්පයට ගොඩ විය.
ඊළඟට ජීයන්ග් ගේ වාරයයි. ඇයට තාප්පයට ගොඩ වෙන්නට තරම් වාසනාවක් නොතිබුණි. සයිරන් හඬත් සමඟම ඇතිවූ කම්පනය නිසා හොසෙක් අතින් ඇයව අතිහැරිණි.
ඇතිවූ වේදනාව නොතකා හැර නැවත තාප්පයට නගින්නට උත්සාහ කරද ජීයන්ග් අවසානයේ උත්සාහය අත්හැර දැමුවාය. 'ජිමින්... හතරවෙනි ඔරලෝසු කණුව ලඟින් කෙලින්ම ගියහම නැගෙනහිර අයිගරා කඳවුර හම්බවේවි. එතනට යන්න. අරියව හොඳට බලාගන්න. ඔයා කියන්න සමලිංගික නිසා අහුවෙලා පැනලා ආවා කියලා. එයාලා ඔය දෙන්නව බලාගනිවී. මම ජීවත් වෙලා ඉන්න එකත් කියන්න... දැන් ඉක්මන් කරන්න!'
ජිමින්ගේ මුව විවර විය. 'ඔයා එන්නේ නැද්ද?'
ජීයන්ග් රැව්වාය. 'දෙයක් කිව්වම එකසැරේ ඒ දේ කරන්න!'
ජිමින් හොසෙක්ට, යුන්ගිට හා ජීයන්ග්ට හිස නවා ආචාර කර අරියාවද රැගෙන තාප්පයෙන් පැන දුවන්නට විය.
'දැන්...' ජීයන්ග් හොසෙක් හා යුන්ගි දෙසට හැරුණාය. 'ඔය දෙන්නව බේරගන්න එක...'
'ඔයා මොකද කරන්නේ?' හොසෙක් විමසුවේ ඇගේ අත ඔහුගේ පිස්තෝලය දෙසට ඇදී ආ විටයි.'ඔය දෙන්නව බේරනවා... වෙඩි සද්දේ ඇහුණ ගමන් මට එයාව අහුවුණා කියලා කෑගහන්න තේරුණාද?' ජීයන්ග් වේගයෙන් පැවසුවේ ඇගේ සහෝදරයන් දෙදෙනාව පුදුමයට පත්කරමිනි.
'යුන්ජී ඔයා ඔයාටම වෙඩි...' හොසෙක්ට කියමින් සිටි වචන ගිලුණේ වෙඩි ශබ්දයක් ඇසීමෙනි.
ජීයන්ග්ගේ බත්කෙණ්ඩෙන් රුධිරය වෑහෙමින් තිබුණි. ඇය බිම ඇද වැටීමට පෙර තුවක්කුව හොසෙක් අතින් තැබුවාය. 'දැන් කෑ ගහන්න මං එයාව අල්ල ගන්න ලැබුණා කියලා.'
කම්පනය දිගු සුසුමක් සමඟ ගිලගත් හොසෙක් මුව විවර කළේය.
'මට ලී ජීයන්ග්ව හම්බ වුණා!' ඔහුට පෙර යුන්ගි බෙරිහන් දුන්නේය.
______
යුන්ගි සෙබලුන් විසුරුවා හැර ජීයන්ග්ව කරමතින් තබා ගත්තේය. 'දැන් ඉතින් ඩොක්ටර් චෝයි ගාවට යමු.'
ජීයන්ග් කෙඳිරි ගෑවාය. 'මොකා?'
හොසෙක් ජීයන්ග්ගේ අතක් මිරිකුවේය. 'ඩොක්ටර් චෝයි... එයා තමයි අපේ හමුදා වෙෙද්‍යවරයා. එයා ඔයාට ලේ යන එක නවතින්න මොනවා හරි කරයි.'
'මාව මරන්න... ඒක සැපයි තවත් පිරිමියෙක්ට වඩා.' ජීය්න්ග් මුමුණාගත්තාය.
යුන්ගිට එය ඇසෙද්දි වරදකාරී හැඟීමක් දැණිනි. 'යුන්ජී...'
'හ්ම්ම්?'
'ඩොක්ටර් චෝයි කියන්නෙත් ඔයා මම ජිමින් වගේ සමලිංගිකයෙක්.'
'ඔයා සමලිංගිකයි කියලා දැන්ද පිළිගන්නේ?' ජීයන්ග් යුන්ගි ඇවිද යන වේගයට නොවැටී සිටින්න ඔහුගේ උරහිස මිරිකමින් ඇසුවාය.
'අපි විතරක් නෙවෙයිනේ... හා පැටියා වගේ හිටපු ජන්ග්කුක් කියන්නෙත් එහෙම කෙනෙක් තමයි. ඒ කොල්ලට කලින් දවසක මම පැනලා යන්න කිව්වේ ඒකයි.' යුන්ගි විරිත්තීය.
'මොකක්? ඔයා පැනලා යන්න කිව්වා එයාලට?' ජීයන්ග්ගේ දෑස් පුදුමයෙන් විසල් විය.
යුන්ගි හිස වැනීය. 'ඔව්... මම ඒ දෙන්නට යන්න අයිගරා කඳවුරට සිතියමකුත් ඇඳලා දුන්නා... දැන් ඒ දෙන්නා පරිස්සමින් එතන ඇති.'
'හ්‍යුන්ග්,' හොසෙක් මෘදු හඬින් පැවසීය.
'ඔව් හොසෙක්?'
'ඔයා සෑහෙන්න වෙනස් වෙලා.'
කිසිවෙකුත් පිළිතුරක් දුන්නේ නැත. මද වෙලාවකින් යුන්ගි වෙෙද්‍ය නිවසේ දොර විවර කළේය.
කාමරය පුරා නටමින් සිටි වෙෙද්‍යවරයා විවර වූ දොර දෙසට හැරුණේ.
'එන්න! පිළිගන්නවා හැමෝම ඩොක්ටර් චෝයි සොක්ජින්ගේ තැනට!'
______________
තවත් එක්කෙනෙක් ඇතුල් වුණා!
YEAH!!!!!!
කියවන ඔබ සැම සතුටින් සිටීම මාගේ සතුටයි.
ඔයලැත්තන්ගේ ජීවිත කොහොමද කියලා මට කොටාබාගෙන යන්න මෙතැනින්!
YOU ARE READING
𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]
Fanfictionසමලිංගිකයෙකු වීම වැරැද්දක් වූ රටක සමලිංගික ගැහැණු ළමයෙකු හමුදා භටයන් විසින් දඬුවම් දීම පිණිස රැගෙන යයි. දඬුවම නම් විරුද්ධ ලිංගිකයෙක් අතින් අතවරයට ලක් වීමයි. 𝐧𝐨𝐭 𝐚 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧