'මොකක් කිව්වා?' යුන්ගි හුස්ම හිරවිය.
'අපි දෙන්නා බැඳලා හුඟක් කල් දැන්...' ජින් කිසිවක් ගණනකට නොගෙන කීවේය.
'ඒත් ඒක නීති විරෝධියිනේ...' හොසෙක් ප්රශ්න කළේය.
'මෙහෙදි නෙවෙයි බැන්දේ... අන්තිමට ජර්මනියට ගිය වෙලාවේ...'
'ආහ්...' යුන්ගි සුසුමක් පිටකරන විටම ජීයන්ග් ගැස්සුණාය.
'ජීයන්ග්?' යුන්ගි තම සහාේදරිය අසලට ගියේ ඇය හොඳින්දැයි යන්න සැක හැර දැනගැනීමටයි.
'රිදෙනවා... කකුල...'
'කකුල රිදෙන්නේ නැතුව තියෙයිද ඉතින්? වෙඩි තියාගත්තහම මෝඩ කෙල්ල!' යුන්ගි කීවේ ඉදිරියට නැවී ජීයන්ග්ගේ නළල සිපගනිමිනි.
එය ජීයන්ග්ව පුදුමයට පත්කළ බවක් පෙනුුුුණි. 'ඔයා කවදා ඉඳන්ද එහෙම කරන්නේ?'
'ඔයා ඉපදුණු දවසේ ඉඳන්...'
ජින්ගේ මුවට සිනහවක් නැගිණි. 'මම කපිතාන් නම්ජුන්ට කතා කරන්නම්... අපි හෙට උදේ වෙන්න කලින් මෙතනින් ගිහින් ඉඳීවි.'
____________
පැය හතරක් පමණ පසුවන විට ජීයන්ග්, යුන්ගි, හොසෙක්, ජින්, නම්ජුන් අඳුරු කැලෑවේ ගමන් ගනිමින් සිටියහ.
ජීයන්ග්ට ඇවිදීමට තියා සෙලවීමටවත් හැකියාවක් නොතිබූ බැවින් යුන්ගි සහ හොසෙක් වරින් වර ඇයව ඔසවාගෙන ගියහ.
කපිතාන් නම්ජුන් සහ ජින්ගේ ආදර කතාවට බාධා කිරීමට කිසිවෙකුටත් උවමනාවක් පැහැදිලිවම නොතිබිණි. ඔවුන් දෙදෙනාගේ බොළඳ ආදර වදන් ඔවුන් දෙදෙනාටම සීමා වූ නිසා යුන්ගි සහ හොසෙක් නිහඬවම ගමන් කළහ.
'තව පැය කීයක් මෙහෙම යන්න වෙයිද?' හොසෙක් හති හලමින් ප්රශ්න කළේය.
'පැය දහතුනයි විනාඩි හතලිස් පහයි... අපි දැන් පැය තුනක් තිස්සේ ආවා... ඒනිසා තව පැය එකොළහක් යනකොට අපිට පුළුවන් එතනට යන්න...' ජීයන්ග් මැතිරුවාය.
'ඔයා සෑහෙන්න මොලකාරයනේ...' යුන්ගි පැසසීමක් කලේය.
ජීයන්ග් සිනාවක් පෑවාය. 'ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ... මට සේරම නැතිවෙලා ඉවරයි... ඊට වඩා නැතිවෙන්න දෙයක් නැහැ. මාව නැති කරලා දැම්මා... තව අවුරුදු දෙකක් යනකොට මමත් නැතිවෙලා යයි...'
'ඒ මොකක්ද ඒ කතාව?'
'මට වදදෙන විදිහට ඔයා හිතනවද යුන්ගි මම තව අවුරුද්දකට වඩා ජීවත් වෙයි කියලා?'
'යුන්ජී?' හොසෙක්ගේ හඬ තරවටුවක් ආකාරයේ් විය.
'හරි... මම දන්නවා මම මැරෙන දවස මම දන්නේ නැහැ කියලා. ඒත් දැනටමත් යුන්ජි මැරිලා ඉවරයි. දැන් ඉන්නේ ලී ජීයන්ග්. යුන්ජිව එයාලා විනාස කරා. මැරෙනකන්ම දූෂණය කරලා විසි කළා. යුන්ජි කියන්නේ මැරුණු කෙනෙක්. එයා ගිහින් ඉවරයි. ඊට පස්සේ ආපු ලී ජීයන්ග්වත් එයාලා විනාස කළා. ඒත් ජීයන්ග් තාම ඉන්නවා. එයාට අයිති නිදහස හම්බෙනකන්ම එයා මැරෙන්නේ නැහැ...'
ජීයන්ග් මතුරන්නේ අඩ සිහියෙන්ද සිහියෙන්ද යන්න කිසිවෙකුටත් වටහා ගත නොහැකි විය.
යුන්ජි යන නම මතක් වීම පවා ඇයට වේදනාවක් බව සියල්ලන්ටම පැහැදිලි විය. එය එසේ නොවුණොත් පුදුමයකි. තම දෙමව්පියන්ව ඝාතනය කරන අයුරු දෑසින් දැක ළමා කාලයම සිර කඳවුරු වල ගත කරමින් කිසිදා නොලැබෙන නිදහසකට සටන් කිරීම?
සමලිංගික නිදහස ලැබෙන තුරු සටන් කිරීම පලකට නැති දෙයක් බව යුන්ගිට සිතී බොහෝ කල්ය. ඔවුන් සාමාන්ය මිනිසුන් බව සමාජය කිසිදා වටහාගන්නේ නැත. සියල්ලන්ම රතු ලේ ඇති සිතුවිලි, හැඟීම් දැනීම් ඇති සාමාන්ය මිනිසුන් බව සමාජය කිසිදා වටහාගන්නේ නැත.
දෑස වසාගෙන ඇති 'අපි සම්පූර්ණයි' යන අඳුරු පටලය කිසිදා ඉවත් වන්නේ නැත.
______________________
අද චැප්ටර් එක නම් මොකක්ද වගේ නේද?
ඒත් මම ඇත්ත කිව්වේ... අපි කොච්චර කිව්වත් අපි හැමෝම සමාන මිනිස්සු කියලා කවුරුත් පිළිගන්නේ නැහැ.
වර්ණවාදය, ජාතිවාදය, ආගම්වාදය, ලිංගිකත්වය කියන දේවල් කවදාවත් නැතිවෙන්නේ නැහැ.
අපි කොච්චර දියුණු වුණත් විසඳෙන හැම ප්රශ්නයකටම සාපේක්ෂව අලුත් එකක් පැන නගියි.
ඒ මම හිතන විදිහ මම දන්නේ නැහැ ඒක හරිද නැද්ද කියලා...
- ලෝකය කිසිදා සම්පූර්ණ වන්නේ නැත -
YOU ARE READING
𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]
Fanfictionසමලිංගිකයෙකු වීම වැරැද්දක් වූ රටක සමලිංගික ගැහැණු ළමයෙකු හමුදා භටයන් විසින් දඬුවම් දීම පිණිස රැගෙන යයි. දඬුවම නම් විරුද්ධ ලිංගිකයෙක් අතින් අතවරයට ලක් වීමයි. 𝐧𝐨𝐭 𝐚 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧