- 6 -

1.8K 386 148
                                    

හෝමෝෆා්ෙබියා 1K veiws and valentine TaeKook part. (මට වැලන්ටයින් අද ඔහෙලට ඊයේ වුණාට)


________________________________________

දේහධාරී සෙබලා තමාගේ උරහිස්වලින් තමාව තවත් පොළොවට තද කරනු ටේහ්‍යුන්ග්ට දැණිනි.

'මම තමුසෙව මරන්නේ නැහැ...'

'ඇයි මරන්නේ නැත්තේ?' ටේහ්‍යුන්ග් දත්මිටි කමින් විමසීය.

'මරන්න තමුන් හුරතල් පාට වැඩියි. අපි ජෙනරල් හන් මොනවා කියයිද කියලා බලමු.'

ටේහ්‍යුන්ග්ට සිනාවක් නැගිණි. 'ජෙනරල් හන්? අර දවස් දෙකකට කලින් ගෑනු ළමයෙක්ව දාහක් දෙනා බලන් ඉඳිද්දි පාර මැද්දේ විනාස කරපු කෙනාද?'

තම කම්මුල පිලිස්සී යන තරම් වේදනාත්මක පහරක් වදිනු ඔහුට දැණුනි.

මද වේලාවකින් ඔහුව අඳුරු ශාලාවක් දිගේ ඇදගෙන යන ලදි.

_________

'ජෙනරල් හන්...'

'ඔව්?'

'මෙන්න තවත් සමලිංගිකයෙක්...'

'කවුද ඒ ගමන?' යුන්ගි වෙහෙසට පත්වූ පෙනුමින් ප්‍රශ්න කළේය.

'සේ ටේහ්‍යුන්ග්. අවුරුදු දහ නවයයි.'

'ජන්ග්කුක්, මට මහන්සියි... මෙයාව දකුණු හිර ගෙදරට දාලා වහන්න... ඔයාට පුළුවන් නම් ඔයාම එතන මුරට ඉන්න...'

'හරි!'

යුන්ගි කාමරයෙන් පිටව යන තුරු සිටි ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ව නැගිටුවාගත්තේය. 'දකුණු හිර ගෙදර... නරකමත් නැහැ ඒත් ඒ පැත්ත සීතලයි...'

'ජන්ග්කුක්?'

'හ්ම්ම්....'

'ලස්සන නම....'

'කට වහගන්නවා!' ටේහ්‍යුන්ගේ කමිසයෙන් ඇදගත් ජන්ග්කුක් ඔහුව නැවත වතාවක් අඳුරු ශාලා සීයක පමණ ඇදගෙන ගියේය.

_________

ජන්ග්කුක් ටේහ්‍යුන්ග්ව මුර කිරීමේ රාජකාරීයේ යෙදී සිටියේය. සමලිංගිකයෙක් දුටු තැන මරා දැමීම නීතිය වුවත් ජන්ග්කුක්ට එය කිරීමට සිත දුන්නේ නැත.

(A/N -මේකේ ජන්ග්කුක්ට විස්සයි ටේහ්‍යුන්ග්ට දහ නවයයි...)

'තමුන් නිසා මට මගේ රස්සාවත් නැති වෙනවා...'

ටේහ්‍යුන්ග් පුදුමයට පත්ව හිස ඔසවා බැලීය. 'මං නිසා?'

'ඔව්!'

'ඒ කොහොමද?'

වැඩිමලා මද වේලාවක් ටේහ්‍යුන්ග් දෙස බලා සිටියේය. දම්වැල ගෙල වටා ඇති විට දකින්නට ඇති දසුන කොතරම් කාමාක්ශ්ත වුවද ටේහ්‍යුන්ගේ බැල්ම ඊට හාත්පසින්ම වෙනස් විය. දෑස විසල් කරගෙන අහිංසක බලු පැටියෙකු සේ හේ බලා සිටියේය.

'බිම බලාගන්නවා!'

අණ ඉටුවිණි, ටේහ්‍යුන්ග් බිම බලාගත්තේය.

'කන්න හිතෙනවා...' ජන්ග්කුක් තමාටම මුමුණා ගත්තේය.

'මොකක්ද කිව්වේ?'

'නෑ මේ උදේට කාපු නැති නිසා බඩගිනියි කියලා කිව්වේ...'

'ඇයි කැවේ නැත්තේ?'

'ඕන නැති මඟුලක් නැහැනේ... නිදාගන්නවා වද නොදී...' ටේහ්‍යුන්ග් කම්මුල් පුම්බාගෙන බිම වැතිරුණේය.

'මෙහෙ හුඟක් සීතලයිනේ...' මද වේලාවකින් ජන්ග්කුක්ට ඇසිණි. .

'හිර ගෙවල්වල සැප බලන්නේ ඇයි?'

පිලිතුරක් නැත. ජන්ග්කුක් බිම තිබූ රෙද්දක් ගෙන ඇතුළට විසි කළේය 'මෙන්න මේක පොරව ගන්න....'

___________

ඒ රාත්‍රිය දිගු බවක් ජන්ග්කුක්ට හැඟිණි. තමා කළ දේවල් නිවැරදිද වැරදිද යන්න ඔහුට සිතා ගත නොහැකි විය.

සමලිංගිකයෙකු වීම වරදක් නම්,

සමලිංගිකයන් මරා දැමීම ඔහුගේ යුතුකමක් නම්,

ඔහු පළමුව සියදිවි නසා ගත යුතුව තිබිණි.

__________________________

ඉවරයි....

මම අහිංසකයි.

ඇත්තමයි.... මම හරිම අහිංසකයි....

 මම හරිම අහිංසකයි

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.
𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Tahanan ng mga kuwento. Tumuklas ngayon