Chapter 5

2.8K 398 89
                                    

"මොනව මේ ලේ..."

ජංකුක්ගෙ අතේ තිබුන ලේ දැකල කොල්ලො දෙන්නගෙ රණ්ඩුව පොඩි වෙලාවකට නැවතුනා. දෙන්නගෙම හිතට අාවෙ ප්‍රශ්න දෙකයි.

කොහොමද ? කාගෙද?

"සූබින්...." කොල්ලො දෙන්නම එකපාර කිව්වෙ සූබින්ව මතක්වෙලා. එ් නිසයි දෙන්නම කෙල්ලව හොයාගෙන දිව්වෙ.

subin's p.o.v

ක්ලාස් එකේ වුන දෙයින් මට ගොඩක් රිදුනා. කිසි කෙනෙක් දැක්කෙ නැති වුනාට මගෙ අත තුවාලත් වෙලා. මං ලේ යන එක නවත්තන්න අත වටේම රෙදි පටියකින් ඔතා ගත්තා. අාපහු ක්ලාස් එකට යන්න හිතුනෙත් නැති නිසා මං කලේ පිට්ටනිය කෙලවරේම තිබුන සකුරා ගහ යටට වෙලා දවසෙම නිදහසේ හිටපු එක. එතකොටවත් මට කරදරකාර ළමයින්ගෙන් අෑත් වෙලා ඉන්න පුළුවන්නෙ. ඉස්කෝලෙ ලාස්ට් බෙල් එක ගැහුවට පස්සෙ මං ක්ලාස් එකට ගියෙ බෑග් එකත් අරන් ගෙදර යන්න. එ්ත් ඉතින් කොහෙ යන්නද? අර නපුරු කොල්ල මාවම කන්න බලාගෙනනෙ ඉන්නෙ. එ්කටත් ඕන්නැති මගුලක් නෑ. එ් මදිවට මගෙ තුවාල වුන අතත් තද කරල අල්ලගත්තා. අතඅරින්න කිව්වට අහන එකක්යැ ඉතින්. හිතන් ඉන්නෙ මං සෙල්ලම් බඩුවක් කියලද දන්නෑ. 😒 මින්හොත් එතන්ට අාවෙ වෙලාවට. ජංකුක් මාව අතඅැරියට පස්සෙ දැනුනෙ නිවන් ගියා වගේ. මුන් දෙන්නම යුද්ධයක් කරන්න වගේ පථයට අවතීර්න වෙද්දි මං එතනින් අාවෙ උන් දෙන්නට ඕන තොවිලයක් නටාගන්න කියල. එ්ත් වැඩිදුර යන්න වුන් නැත්තෙ මින්හො මගෙ ඉස්සරහට අාව නිසා.

"subin-ahh ඔයාව තුවාල වුනාද අා..."
මින්හො අැහුවෙ හරිම ලෙන්ගතු විදිහට. හරියට සහෝදරයෙක් තමන්ගෙම නංගිගෙන් අහනව වගේ අාදරණීය විදිහට. වචන කීපයක් වුනත් ලොකු අාදරයක් එ් වචන කීපෙ තුළ තිබුනෙ.

"ම් එ්ක එච්චර දෙයක් නෙමෙයි මින්හො"

"එච්චර දෙයක් නෙමෙයිද බලන්න අත දෙන්නකො" කොල්ල එහෙම කියල බැලුවෙ කෙල්ලගෙ තුවාල වුන අත දිහා.

"අහ් අත ගොඩක් තුවාල වෙලානෙ. එ්ත් කොහොමද මෙහෙම වුනේ. අර ජංකුක්ද ඔයාට මෙහෙම දෙයක් කරේ අා..."

You're only Mine [COMPLETED]Where stories live. Discover now