🔵 අකීකරු හදවතක් 🔴

49 13 11
                                    

"මිරේ... මිරේ... ඇයි දරුවෝ මේ විදිහට අකීකරු වෙන්නෙ... අප්පා කියන දේවල් වලට විරුද්ධ වෙලා මොනවා කරන්නද හිතන් ඉන්නෙ..."

"ඔම්මට ඇයි මම කියන දේ තේරෙන්නෙ නැත්ත... මට බෑ දැන්ම කාවවත් බදින්න..."

එහෙම කෑගහපු මිරේ සාලෙ ඉදන් තමන්ගෙ කාමරේට දුවගෙන ගියෙ හිතේ තිබුණ හැගීම මේ වෙලාවෙ ඔම්මාගෙන් සගවන්න උවමනා උන නිසාමයි... මේ වෙනකොටත් එයාගෙ හිත හොරකම් කරපු කෙනෙක් ඉන්නවා කියල කාටවත් කියන්න එයාගෙ හිතට ශක්තියක් නෑ... කොහොම නම් කියන්නද ඒ කෙනාවත් ඒ ගැන නොදන්නා විට...

මිරේ කාමරේට දුවගෙන ගිහින් නැවතුනේ කණ්ණාඩිය ඉස්සරහා... එයාගෙ මූණ රතු වෙලා තියෙන විදිහ එයාටම පේනකොට ලස්සන හිනාවක් ඒ මුහුණ පුරා ඇදුනත් මොහොතකින් ඒ හිනාව මැකිලා ගියේ මේ තරම් හීන මවන්නෙ කවමදාවත් හිමි නොවන සෙනෙහසක හිමිකාරිනිය වන්නට නොවේදැයි හිතට නැගුනු සිතුවිල්ල නිසා...

ඔම්මා ඉස්සරහදි මොන විදිහේ දෙයක් කියලා බේරිලා ආවත් රෑ කෑම මේසෙදි අප්පාගෙන් ලැබෙන තීරණේට විරුද්ධ වෙන්නෙ මොන විදිහටද කියලා මිරේ හිතන්න පටන් ගත්තෙ බැල්කනියෙ අයිනෙ තිබුන පුංචි බැම්ම උඩින් ඉදගෙන කකුල් දෙකත් අත් දෙකෙන් තුරුල් කරගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔම්මා ඉස්සරහදි මොන විදිහේ දෙයක් කියලා බේරිලා ආවත් රෑ කෑම මේසෙදි අප්පාගෙන් ලැබෙන තීරණේට විරුද්ධ වෙන්නෙ මොන විදිහටද කියලා මිරේ හිතන්න පටන් ගත්තෙ බැල්කනියෙ අයිනෙ තිබුන පුංචි බැම්ම උඩින් ඉදගෙන කකුල් දෙකත් අත් දෙකෙන් තුරුල් කරගෙන...

මිරේ නමින් මෙතෙක් ආමන්ත්‍රණය වුන මේ යුවතිය හේවෝන් නමින් දකුණු කොරියාව පුරා ජනප්‍රිය උන ජපන් ජාතික ආයතනයේ හිමිකරු වූ කිම් දේයෝන්ගේ දෙවන දරුවා මෙන්ම එකම දියණියයි... ඇයගේ මව ජපන් ජාතික ව්‍යාපාරික කාන්තාවක් වුන අයුකි ටනාකාය...

මිරේ නම් වුනු සුරතල් නමින් ඇමතූ ඇයගේ නම කිම් ක්‍යුන්ග් ජූ බව දැන සිටියේ අතලොස්සක පිරිසකි... වයස අවුරුදු විසි දෙකක් පමණ වූ ඇය පෙනුමෙන් මෙන්ම හැසිරීම අතින් නම් අටලොස් හැවිරිදි පමණ බවක් පෙනුනා...

දිගු කෙස් කළඹකට, දීප්තිමත් නෙත් යුගලකට හිමිකම් කියූ ඇය දුටුවන් වරක් දෙවරක් බැලීමට නොව නෙත් ඉවතට නොගෙන බලාසිටින්නට තරම් සුන්දර වූවා... ඇයගේ මේ සුන්දරත්වය දෙස වශී වී බලා සිටි තරුණයින් නම් අමතක නොවෙන පාඩම් ඉගෙන ගත්තේ නැවත කිසිදා ඇය දෙස නොබලන්නට අදිටන් කර දෙමින්... ඒ අන් කවරෙක්ගෙන් වත් ඇයගේ වැඩිමහල් සොහොයුරාගෙන්..

ඔහු කිම් හ්‍යුන්ග් ජුන් නම් වුනා... ඇයට වඩා එකොලොස් වසකින් වැඩිමහල් වුනත් ඔහුට හිමි වුනේ ඇය හා සම වයස් ලෙසින් පෙනෙන තරමේ ලාබාල පෙනුමක්...

ගතිගුණ අතින් ඉතාමත් මුදු අයෙක් වුනත් තම එකම නැගණිය හා සබැදි දෙයකදී නම් ඔහුගේ මුදු ගති ගුන කිසිදාක පෙනෙන්නට තිබුනේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගතිගුණ අතින් ඉතාමත් මුදු අයෙක් වුනත් තම එකම නැගණිය හා සබැදි දෙයකදී නම් ඔහුගේ මුදු ගති ගුන කිසිදාක පෙනෙන්නට තිබුනේ නෑ...

මිරේගේ දින චරියාවේ කොටසක් බවට පත්ව තිබුන ජුන්ගේ වාරණ සීමා බිද දාමා ඇයගෙ සිත නතර වී තිබුනේ නිල් පැහැ දෙනෙත් යුගලක් අසල... ඇගේ සිත සොරාගත් තැනැත්තා නැවත කිසිදා දකින්න නොලැබේවිද යන සිතුවිල්ලත් ඇයගේ දොම්නස්ව තිබූ සිතුවිලි තව තවත් පෑරුවා...

සයුරෙන් එතෙර ජපන් දූපතේ දි අහම්බෙන් දුටු ඒ දෙනෙත් ආයෙමත් වරක් දකින්නට පතමින්ම ඇය හිස දෙකකුල් මත සගවාගෙන නින්දකට වැටුනා... සිතුවිලි වලින් විඩාවට පත් වී සිටි ඇය සුව නින්දක වූයේ සිටින ස්ථානය සම්පූර්ණයෙන්ම මතකයෙන් ගිලිහී ගොස් තිබුන නිසා...

You've reached the end of published parts.

⏰ Last updated: May 19, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

RED EYES Vs. BLUE EYES | PJMWhere stories live. Discover now