Mr.Sunshine - Jhope

487 117 19
                                    

𝗠𝗿.𝗦𝘂𝗻𝘀𝗵𝗶𝗻𝗲 ❤️
A short ff

" ආයිශ් අදත් දාලා ගියා නේද... ඩ්‍රයිවර්ගේ දෑතට කාන්තාර දෙයියන්නෙගේම පිහිටයි... අදත් දැන් අර ඉර මාමගෙන් බැනුම් අහපන්කො..... යාආආආආආආආආඅ ... මනුස්සයෙක් එනකන් පොඩ්ඩ්ක් ඉන්න බැරිද... අපිටත් නින්ද යනවා.... ආයිශ්... මේක මාව පිස්සු වට්ටනවා.... "

හුටා... විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ... මම කියපුවා ඒ තරම් ඇහිලද ... මිකීයෝ දුවපම් මයෙ අම්මා.. වෙන කරන්න දෙයක් නෑ...

මම ශේප් එකේ වටපිට බලද්දි දැක්කේ මෙච්චර වෙලා බෙරිහන් තියපුවා ඇහිලා බස් හෝල්ට් එකේම මිනිස්සු මං දිහා බලන් හිටියේ ඒලියන් කෙනෙක් දිහා බලන ගානට... හද පත්ලෙන් එන ලැජ්ජාව බුර බුරා උඩටම එද්දි ටැක්සි එකකට අත දාලා මම ඉක්මනට ඒකට නැග ගත්තේ තවත් පරක්කු උනොත් අර සූර්ය දිව්‍යරාජයා මගේ ජාතිය අමතන නිසා...

මම මීකී... මම වැඩ කරන්නේ JHS ගෲප්ස් වල ceo ගේ සෙකට්‍රි හැටියට... සැලකිය යුතු තරම් හොද සැලරි එකක් ලැබුනත් මට තාම ඩ්‍රයිවින් බැරි නිසා මට වාහනයක් නම් නෑ.. ඒ නිසාම හැමදාම මට වෙන්නම මේ වැඩේ... ඒ මදිවට හැමදාම නින්ද යනවා... මගේම කරුමේ.. එහෙමයි කියලා මගේ රාජකීය නින්ද කැප කරන්න බෑනේ... හැමදාම සතියට දෙපාරක්වත් මම යද්දි පරක්කු වෙනවාමයි .. හම්මේ ඉතින් ලුනු ඇඹුල් එක්ක අහගන්න පුලුවන් එතකොට ..

JHS ගෲප්ස් වල ceo උනේ ජන්ග් හෝසොක් ... ටිකක් තද ගති තිබුනාට මිනිහා හිනා වෙද්දි නම් කෙලින්ම ඉර මාමා වගේ... ඒ උනාට ඒ හිනාව නම් වැඩි වෙලාවක් තියෙන්නෙ නෑ.. හැමෝටම බැන බැනම තමයි ඉන්නේ... එයාට නම් මොකෝ...

" අජුස්සී ... පල්ලී ... පල්ලී..... "

මම යන මග දිගටම ඩ්‍රයිවර්ට කරදර කර කර ගියේ.. ඔෆිස් ටයිම් නිසා ට්‍රැෆික් එකත් වැඩී... ඒත් මොනා කරන්නද.. යන්නෙපැයී ඉගිල්ලිලා හරි.. නැත්තං මං ඉවරයී
.
.
.
.
"කුමාවෝ අජුස්සී ... "

විනාඩී කීපයක් ඇතුලත මට JHS ගෲප්ස් පිහිටලා තිබුන සුවිසල් ගොඩනැගිල්ල ලගට යන්න පුලුවන් උනා... ඉක්මනට ටැක්සි එකෙන් බැහැලා මම පණ එපෝ කියල කකුල් දෙකට වැඳලා දුවන්න ගත්තේ දැන් 9.30ත් පහුවෙලා නිසයි... රිසෙප්ශන් එකේ ගර්ල්ටත් දත් සෙට් එක දාලා මම කෙලින්ම දිව්වේ ලිෆ්ට් එකට...

𝐒𝐇𝐎𝐑𝐓 𝐅𝐅𝐒Where stories live. Discover now