#Mᴏᴏɴ_Lɪɢʜᴛ 🌙🥀
[ short ff ]
හදවත සුවපත් කල සඳවතියක් ඇය.............🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
( Goblin stay with me ost එක අහන ගමන් කියවන්න 🙂 )
ආදරේට සිමාවක් තියෙනවද? නෑ... ඒ වගේම අමතක කරන්න බැරි පලවෙනි ආදරේ නෙමෙයී... හිතට දැනුන ආදරේ.... මම ඒක ඉගෙන ගත්තේ උබෙන් මැණික..මට තාමත් මතකයි ඒ දවස්...
අතීතයට
------------------" ඔම්මා.....!!! "
" ජිමින් මොකද මේ හුරතලේ ආහ්...?? "
මම උදෙ නැගිටලා පහලට එද්දි දැක්කේ ඔම්මා එක්ක ඉන්න ජේමින්ව... දෙන්නටම හොරෙන් එතනට ලන් උන මම සෝෆා එකේ වාඩි වෙලා හිටපු ඔම්මගේ උරහිස වටා අත්දෙක යවලා කිව්වේ ඔම්මට කිස් එකකුත් දෙන ගමන්...
" මං කොහොමත් හුරතල් තමයි ඔම්මා..."
" අම්මො ඔව්ව්... පුත්තලම් බූරුවෝ හත් අට දෙනෙක්ගේ වයස මූට.... ඉක්මනට කසාදයක් කරලා දාන්න ඔම්මා.."
ජේමින් කිව්වේ ඔම්මගේ උකුලේ ඉදන් මට ඇද කරන ගමනුයි...
" ඔම්මා... බලන්න්කො මේ හ්යුන්ග් ... මම තාම සූටී නේ..."
" අනේ උබේ හුරතලේ පලෑම් ජිමිනෝ යන්න... ඔම්මා ඔයා දන්නේ නෑ මූ කවුදෝ කෙල්ලෙක්ට හොරෙන් ලව්ලු.... හොඳ පොඩි..."
" ජේමින්.. ජිමින්.... දෙන්නම නවත්ත ගත්තොත් හොඳයි ඕක..."
මම පාර්ක් ජිමින්... ජේමින් ජිමින් කියන නිවුන්නු දෙන්නගෙන් බාලයා... මට වඩා විනාඩි ගානක් වැඩිමල් උන මගේ අයියා ජේමින්... පාර්ක් ගෲප් සමූහයේ අනාගත අයිතිකාරයො උන අපි දෙන්නට පුංචි කාලේ ඉදන් කිසිම අඩුපාඩුවක් නම් උනේ නෑ සල්ලිවලින්... ජේමින් එහෙම නැත්තං මගේ හ්යුන්ග් තමයි ඔම්මට පස්සේ මගේ ජීවිතේ මං වැඩියෙන්ම ආදරේ කරන කෙනා... හැමදාමත් වගේ අපේ මුලු ගෙදරම පිරිලා තිබුනේ අපි දෙන්නගෙ වලි වලින්... ජේමින් කම්පැනි එකේ වැඩ අප්පා එක්ක බලාග්ද්දි මම කලේ යාලුවෝ එක්ක එහෙ මෙහේ රවුම් ගහපු එක විතරයි ... ඇත්තටම ජේමින් හොඳ පුතෙක්... ඊටත් වඩා හොඳ සහෝදරයෙක්
" මෝචියා ... අනා මගේ මල්ලි බබා පව්.... එන්න එන්න බබෝ.... "
ජේමින් කිව්වේ මූනත් ඇද කරන් මට හිනා වෙන ගමනුයි... මිනිහගේ මූන දැක්කම මටත් හිනා යන්න ආවත් මම බොරු තරහක් අරන් ගස්සගෙන ආයෙම රූම් එකට යන්න ලැහැස්ති උනා..