• Chapter 02 •

301 54 26
                                    


ජන්කුක් ලෑස්ති වෙලා breakfast අරගෙන පහළට එද්දිත් කොල්ලගෙ ඔම්මයි අප්පයි ඇවිත්.. living room එකේ කතා කර කර හිටිය තුන් දෙනාටම යුමී coffee තුනක් අරන් ඇවිත් මේසෙ උඩින් තියලා යන්න හදද්දිම ජන්කුක් එයාට කතා කළා..

"යුමී..ඔම්මටයි අප්පටයි කන්න මොනා හරි හදන්න.." කොල්ලා කෙල්ලට වෙනදට වඩා සැර අඩු කරලා කිව්වේ ඔම්මයි අප්පයි ඉන්න නිසා... කොහොමත් එයාගේ අප්පා කැමති වුනේ නෑ කෙල්ලගෙන් ඕනවට වඩා වැඩ ගන්න.. ඒකට ලොකු හේතුවක් තිබුනා.. යුමීගේ අප්පා ජීවත් වෙන කාලේ එයා තමා park company එකේ අයිතිකාරයා.. හදිසි අසනීපයක් නිසා අප්පා මේ ලෝකේ අතෑරලා දාලා ගියේ කෙල්ල පොඩි කාලෙමයි.. කම්පැනි එකට නියම අයිතිකාරයෙක් නැති නිසා ඒක තිබ්බ තැනින් පහලටම වැටුනේ යුමීටයි එයාගේ ඔම්මටයි යන එනමන් නැති කරමින්.. කෙල්ලගේ අප්පයි ජන්කුක්ගේ අප්පයි බිස්නස් වලින් හම්බවුන හොද යාලුවෝ.. Mr.jeon ට ඕනි වුනේ නෑ යුමීව අප්පා නැති අනාතයෙක් කරන්න.. ඒක නිසා mrs.jeon එක්ක කතා වෙලා කෙල්ලවයි , mrs park වයි ඒ ගෙදරම නවත්තගන්න තීරණය කලා. කොච්චර සල්ලි නැති වුනත් මිසිස් පාක්ට ඕනි වුනේ නෑ නිකන් එයාලගෙ ගෙදර නැවතිලා ඉන්න.. ආඩම්බර කමක් නිසා නම් නෙවේ.. ඒ නිසා එයා ඒ ගෙදර වැඩ කරන කෙනෙක් විදිහට ඉන්න හැදුවත් ඒ දේට jeon family එක නම් කැමති වුනේ නෑ.. කාටද පුලුවන් තමන්ගේ යාලුවගේ wife ව ඒ ගෙදර වැඩට ගන්න..ඒත් මිසිස් පාක්ගේ මුරණ්ඩු කමට සවන්දීලා එයාලගෙ ගෙදර වැඩ කරන කෙනෙක් විදිහට ගන්න mr.jeon කැමති වුනා.. මේ දේවල් කිසි දෙයක් ජන්කුක් දන්නේ නෑ.. එයා දන්නේ එකම එක දෙයයි.. ඒ යුමී කියන්නේ කිසිම කමකට නැති දුප්පත් කෙල්ලෙක් කියලා.. කෙල්ලටත් පුංචි කාලේ තිබුන මතකයන් කාලයත් එක්කම අමතක වෙලා ගිහින්.. යුමීත් හිතන් ඉන්නේ එයා උපතින්ම දුප්පත් කෙල්ලෙක් කියලා.. කොහොම වුනත් mr.jeon ට තාමත් යුමී කියන්නේ එයාගේ හොදම යාලුවගේ දුව විතරයි.. එයාට ඕනි වුනේ ජන්කුක්ව marry කරලා කොල්ලා එක්ක හැමදාම යුමීට ඉන්න ඉඩ තියන්න.. ඒත් ජේකේ ඒ දේට කැමතිද ? කොහෙත්ම නෑ.. ගෙදර වැඩ කරන කෙනාට කොල්ලා මොකටද කැමති වෙන්නේ... වෙන අයගේ අප්පලා වගේ mr.jeon කොල්ලට යුමීව මැරි කරන්න කියලා බල කලේ නෑ.. කවදාහරි දෙන්නට දෙන්නා කැමති වෙනකන් එයාට බලන් ඉන්න සිද්ද වෙනවා.. ඒත් ජේකේගේ අප්පත් වැඩේ අතාරින්නෑ.. කෝම හරි දෙන්නව තනියෙන් තියලා එයාලගේ දැන් තියෙන හිත වෙනස් කරන්නමයි එයාට ඕනි..

High School Playboy : JJK Where stories live. Discover now