• Chapter 5 •

226 38 10
                                    


[ AN : After long long long time neh? Sry Guys 😐 
මතක නැත්නම් ආපව් නවත්තපු තැන කියවලා එම්න 🙂

යුමී , ජන්ග්කුක් අප්පගේ කීමට ගියා බුසන් වල එයාලගේ බිස්නස් බලන්න.. ඒ හරියේ වෙන සීන් එකකින් කතාව නවත්තලා ඇති.. 😌 ]

සෝෆා එකේ වාඩිවෙලා හිටිය කෙල්ලගේ කම්මුල් වලින් කදුලු රූටලා ගිහින් උකුල උඩ තියන් හිටිය අත් දෙක උඩට වැටුනේ කෙල්ලටත් නොදැනිව. Staff room එකේ ඉදලා changing room එකට එනකන්ම ඔලුව ඉදන්ම පිටි හලන් හිටිය කෙල්ල දුවන හැටි ඔෆිස් එකෙ හිටිය කී දෙනෙක් නම් දකින්න ඇතිද ? බලන් හිටියා විතරක් නෙවෙයි තමන්ට ඇති තරම් හිනා වෙන්න ඇති. කෙල්ලටනම් කොහොමත් ඒක පුරුදුයි. School එක කියලවත් company එකක් කියලවත් වැඩි වෙනසක් කෙල්ලට දැනුනේ නෑ ඒ හිනා වෙන හඩ ඇහෙද්දි.. මොකද ගැන්සි පිටින් එකතු වෙලා ඉන්න කෙල්ලෝ යුමී යූනා නැතුව තනියෙම ඉන්න හැම වෙලේකම වගේ කෙල්ලට පුලුවන් තරම් වද දුන්නා. පංතියෙ මුල්ලකට වෙලා තමන්ගේ පාඩුවේ පොතක් බලන් හිටියත් සල්ලිකාර කෙල්ලෝ ඇවිත් යුමීගේ කොන්ඩෙන් ඇද ඇද ඒ ළමයට වද දෙනවා. ඉතින් කෙල්ලට මේක පුරුදු දෙයක් නෙවේ.. යුමීට දැනුනේ දුකකටත් වඩා තමන් ගැනම අසරන කමක්.. school එකේදි කෙල්ලට අනිත් අය වද දෙද්දි Taehyung , yuna යුමීගේ ළගින් ඉදන් කෙල්ලගේ දුක බෙදාගත්තා... ඒත් ජන්කුක් කලේ කෙල්ලගේ දුක තවත් ඇවිස්සුව එක. " ඇයි මන් මෙහෙම දුක් විදින්නේ ? ඇයි මට අනිත් අය වගේ සතුටින් ඉන්න බැරි ?" කියලා කෙල්ලට අනන්තවත් හිතෙන්න ඇති. ඒත් කෙල්ලට සිද්ද වුනේ ඒ දේවල් දරාගෙන ඉන්න. කෑ ගහලා අඩන්න ඕනි වුනත් අඩුම තරමේ යුමීට ඒ දේවත් කරගන්න විදිහක් නැ...

කෙල්ලගේ ඇස් වලින් නොනවත්වාම කදුලු ගලද්දි යුමී අඩන සද්දේ ඇහිලා ෆෝන් එක ඔබ ඔබ හිටිය ජන්කුක් කෙල්ල දිහා බැලුවේ " මේකිට එක පාර මොකක්ද වුනේ ? " කියලා හිත හිත.

" ඒහ් මොකෝ මේ අඩන්නේ ? අයියෝ ඕයි අද වෙච්ච එක එච්චර ගනන් ගන්න එපා ... මන් පුංචි විහිලුවක්නේ කලේ .. " කෙල්ලගේ ඔලුවට දෙකක් අනින ගමන් ජන්කුක් කිව්වේ ආයි ෆෝන් එක අරන් ඔබන්න ලෑස්ති වෙද්දි.

" ඇයි .. ඇයි ජන්කුක් මටම මෙහෙම වෙන්නේ ? පුංචි කාලේ අපි කොච්චර හොදට සෙල්ලම් කරගෙන හිටියද ? ඒ කාලේ හිටිය ජන්කුක් නෙවෙයි දැන් ඉන්නේ ? දන්නවද ඔයාගේ හොදම යාලුවා වෙලත් taehyung මාත් එක්ක හැම දේටම හිටියා.. ඒත් ඔයා ?? මාව වට්ටන්න පුලුවන් උපරිමේටම වට්ටනවා.. කම්මුල් පාරක් ගහලා ඔයාව reject කරපු නිසාද ඔයා මට මෙහෙම කරන්නේ ? දන්නවද වටේ ඉන්න කට්ටියට තමන්ට හිනා වෙද්දි ඒක ඒ කෙල්ලට දැනෙන හැටි.. ? හහ් එක්කෝ කොහොමද ඔයා ඒක දැනගන්නෙ !! " හිතේ තිබුනු පීඩනේ වචන වලට හරවන ගමන් කෙල්ල කිව්වේ ඇස් වලින් වැටෙන කදුලු පිට අත්ලෙන් පිහදාන ගමන්.. ජන්කුක් ඒ දේවල් අහන් හිටියේ එපා කමින් වුනාට කොල්ලට තේරුනා කෙල්ල ඒ වෙලේ හිටියේ ඇත්තටම දුකින් කියලා. ජේකේ හිතන් නැතුව කරන ගොඩක් දේවල් වලින් යුමීට වුනේ ඒ ඇස් වලට කදුලු ගෙන්නගන්න. කොල්ලා කීපාරක්නම් කෙල්ලව අඩවන්න ඇත්ද ?

High School Playboy : JJK Where stories live. Discover now