" සරන්හේ "
දොර ගාව නැවතිලා හිටිය කෙල්ල තමන්ගේ පිටිපස්සෙන් හිටිය ජන්කුක්ගේ පැත්තට හැරුනේ එයාට ඇහුනු දේ වරදක්ද කියලා හිතාගෙන.. මේසේ ගාව හිටිය කොල්ලත් යුමී ගාවට ආවේ කෙල්ල පහලට කරන් හිටිය අත් දෙක තමන්ගේ ඇස් දෙක අස්සට මැදි කරගන්න ගමන්..
" සරන්හේ යුමී ! චෙබල් මාව reject කරන්න නම් එපා "
කෙල්ල ඉස්සරහා අහිංසක මූනක් හදාගෙන ජන්කුක් කිව්වේ කෙල්ලගේ හිත දිනා ගන්න. ඔව් කොල්ලා ඇත්තටම නෙවේ යුමීට ආදරෙයි කිව්වේ.. playboy කෙනෙක් කවද්ද එහෙම ආදරේ කරන්නේ ? එයාලා කරන්නේ සතියෙන් සතියට කෙල්ලන්ව මාරු කරන එක විතරයි. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ ආදරයක් පිලිගන්නවා කියන්නෙත් ඇත්තටම ඒ කෙල්ල මෝඩයි. යුමී එච්චර මෝඩ වුනේ නෑ ඒ වෙලාවේ.. ජන්කුක්ගේ බොරුවට කෙල්ල අහු වුනේ නෑ.. කොල්ලා සරන්හේ කියලා කියපු වෙලෙ ඉදන් කෙල්ලගේ හිත අස්සේ වද දුන්නේ ඒක ජන්කුක් හදවතින්ම කිව්ව එකක් නෙවේ කියලා.. ජන්කුක් වගේම යුමීත් මේ දවස් වල ඉන්නේ තමන් ජීවත් වෙන නගරෙන් ටිකක් ඈතට වෙන්න. ඉතින් කොල්ලට ඕනි ඕනි විගඩම් දැන් ඉන්න පලාතේ කරන්නේ කොහොමද ? සාමාන්‍යයෙන් ප්ලේබෝයි කෙනෙක්ට ඕනි ක්ලබ් එකක් එකයි. ඒත් ඒවා පාලනේ කරන් ඉන්න ප්ලේබෝයිලා ඕනි තරම් මේ බුසන් වල ක්ලබ් අස්සේ ඇති. උන්ට යටත් වෙලා ඉන්න ඕනිකමක් ජන්කුක් ගාව තිබුනෙම නෑ. කොල්ලා කියන්නේ සෝල් වල ක්ලබ් හැම එකකම ප්‍රසිද්ද චරිතයක්. සල්ලිකාර , පෙනුම තියෙන කොල්ලෙක් ක්ලබ් අස්සේ ප්‍රසිද්ද නැත්නම් ඒ ප්ලේබෝයි කමෙනුත් වැඩක් තියේද ?
ජන්කුක්ට ඕනි වුනේ ඒ දවස් ටිකට විතරක් කාගේ හරි තොල් එයාට අයිතිකරගන්න. කොල්ලා ඒකට පාවිච්චි කලේ අහිංසක , කිසි දෙයක් ගැන වැඩියේ තේරුමක් නැති යුමීව. කෙල්ල දුප්පත් තමයි ., ඒත් එයාට කෙනෙක්ව තේරුම් ගන්න වැඩිවෙලාවක් ගියේ නෑ.. ජන්කුක් ගැන යුමිට කිසිම විශ්වාසයක් තිබුනේ නෑ.. මොකද යුමීත් හොදටම දන්නවා ජන්කුක් කියන්නේ මොන වගේ චරිතයක්ද , කොල්ලට මේ දවස් ටිකට ඕනි මොකක්ද කියන්න ! .. කොච්චර සල්ලි තියෙන කෙල්ලෙක් වුනත් හොයාගන්න බලන්නේ ජන්කුක් වගේ කොල්ලන්ව. හිතන හිතන වෙලාවට තොල් අල්ලගන්න එහෙම නැත්නම් කාමර අස්සේ තනිවෙන්නයි ඒ කෙල්ලන්ටත් ඕන. ඒ තියෙන නූගත් කම නිසා.. කෙල්ලෙක්ට තියෙන වටිනම ආබරනේ තමා එයාගේ චරිතේ.. ඉතින් ඒ විදිහට කෙල්ලෙක් ක්ලබ් අස්සේ රිංගන් දකින දකින කොල්ලෝ එක්ක හුරතල් වෙන්න ගියොත් ඒ චරිතෙට මොකක්ද වෙන්නේ ? කාමරේ ඇතුලේ වෙන දේවල් එලියේ ඉදන් කෙනෙක් වීඩියෝ කලොත් ? එයා ඒක අනිවාර්යයෙන්ම සමාජයට මුදාහරිනවා.. මොකද ඒ වගේ වැඩ වලින් සතුටු වෙන මිනිස්සු ඕනි තරම් මේ ලොකේ ඇති.. ඉතින් එහෙම වීඩියො එකක තමන්ගේ මූන දැක්කොත් එක්කෝ කෙල්ලට වෙන්නේ suicide කරගන්න.. ඒම නැත්නම් කිසි දෙයක් වුනේ නැති ගානට ඉන්න.. ඒ මොකක් කලත් ඒ වෙද්දි එයාගේ මුලු චරිතෙම විනාශ වෙලා ඉවරයි නේද ? කොච්චර ගනන් නොගෙන හිටියත් පාර අයිනක යද්දි මිනිස්සු ඒ කෙල්ල දිහා බලන්නෙත් හරි කැත විදිහකට. පුංචි කාලේ ඉදන් ඔම්මා , අප්පා දුක් මහන්සි වෙලා කරන දේවල් වලිනුත් වැඩක් තියෙද ? එයාලට ඕනිත් තමන්ගේ දුව රස්සාවක් කරගෙන , වැදගත් ජීවිතයක් ගෙවනවා බලන්න.. ඒත් ඒක එහෙම නෙවේනම් ? ඔම්මයි අප්පයි පසු තැවෙයි ඇයි මේ වගේ කෙනෙක්ව මේ ලෝකෙට බිහි කලේ කියලා. ඉතින් කවදාවත් තමන්වත් , තමන්ගේ සමීපතමයන්වත් පසුතැවෙන විදිහේ වැඩ කරන්න එපා.. දෙයක් කරලා ඒක ගැන ආඩම්භර වෙන්න පුලුවන්නම් ඒකයි ජීවිතේට ගොඩක් වටින්නේ !
![](https://img.wattpad.com/cover/268558631-288-k471923.jpg)
YOU ARE READING
High School Playboy : JJK
FanfictionThis is a playboy story... Main character-jeon jungkook Boy×girl story Story by leena & hana Start : 28 / 06 / 2021 End : ?