වෙරළේ තිබුනු බංකුවක වාඩි වෙලා හෙමි හෙමින් මුහුදු පත්ලේ සැඟවිලා යන ඉර දිහා මං බලාගෙන හිටියෙ මොහොතකට මුළු ලෝකයම අමතක කරලා.මගේ ජීවිතයත් හරියට මේ මුහුද වගේ.මුහුද ඉර සඟවා ගන්නවා වගේ මමත් මගේ ප්රශ්න හංගගෙන සෞම්ය කෙනෙක් විදියට ඉන්නවා.විටින් විට ඇවිත් යන මිනිස්සු වගේ මගේ ජීවිතයටත් සැරින් සැරේ එන යන මිනිස්සු බොහොමයි.ඒත් ඒ කාටවත් වැඩි කාලයක් මාව ඕනි නෑ.මමත් දැන් ඒකට පුරුදු වෙලා.
මේ හේතු නිසාම මගෙ හිතට සැනසීමක් ගේන්න පුළුවන් එකම තැන මුහුදු වෙරළ.හුඟාක් දුර ඉඳලා වෙරළට නෑගම් එන සුදු පෙණ කැටි වෙරළට ආයුබෝවන් කියල සමුදෙන්නෙ නැවත වතාවක් මට මා ගැනම සිහිපත් කරලා.නිදහසේ ඒ මේ අත දුවන සිසිල් සුළඟ හෙමින් මටත් පහර එල්ල කරන්නෙ කෙහෙ රැලිත් ඈතට ඇදගෙන යනගමන්.
ඇස් දෙකත් පියාගෙන කල්පනා සයුරක කිමිදිලා හිටිය මගේ දැහැන බිඳුණෙ කවුරුහරි මගෙ ළඟින් වාඩි වුනා කියල දැනුණාම.හැරිලා බලන්න වුවමනාවක් නොතිබුනු නිසා මං එහෙම්මම හිටියා.
"හිතේ තියෙන හැම ප්රශ්නයක්ම ආයෙ නොඑන්නම රැල්ලත් එක්ක ගහගෙන ගියා නම් හොඳයි කියල හිතෙනවා නේද?"
මොහොතකින් එයා හඬ අවදි කළා.ඒ පාර නම් මං ඇස් දෙක ඇරලා එයා දිහා බැලුවා.ලස්සන හිනාවක් එක්ක මගෙ දිහා බලාගෙන හිටියෙ මගෙ වයසෙ විතර කියල කියන්න පුළුවන් හුරුබුහුටි ගෑනු ළමයෙක්.
"හ්ම්ම් ඔව්.ඒත් මුහුදටත් අයිති නැති ප්රශ්නයක් රැල්ල අරගෙන යන්නෙ මොකටද ?"
"ඒත් හිතේ තියෙන ප්රශ්නයක් කාටහරි කිව්වම හිත සැනසෙනවා නේද?"
"අපේ හිත සනසගන්න අපේ ප්රශ්න වෙන කාටවත් දෙන්නෙ ඇයි?එයාට අපිට විසඳුමක් දෙන්න බැරි නම්."
"ඒත් එයාට පුළුවන් ඔයාගෙ ප්රශ්නෙ දිහා වෙනස් කෝණයකින් බලන්න.සමහරවිට එයාගෙන් ඒක ගැන ඇහුවම ප්රශ්නෙට විසඳුමක් ඔයාට ඉබේම ලැබෙන්න පුළුවන්."
එහෙම කියල එයා මුහුද දිහා බලාගෙන හිටියෙ හිතන්න දෙයක් මට ඉතුරු කරලා.
ඉඳගෙන හිටිය තැනින් නැගිටලා මං සෙමෙන් පියවර තැබුවේ මුහුද දෙසට.කාත් කවුරුත් නැතුව පාළුවට ගිහින් තිබුනු වෙරළ පුරා රැල්ල දඟ කළේ මටත් එන්න කියල කියන ගමන්.
මං මගේ හැම ප්රශ්නයක්ම මුහුදට කිව්වා.කෑගහලා කිව්වා.එක දිගට නවත්වන්නෙ නැතුවම කිව්වා.ඒ හැමදෙයක්ම කියල ඉවරවෙලා මං බැලුවෙ මුහුද දිහා.මුහුද තවමත් ඒ වගේ.කිසිම වෙනසක් නෑ.ඒත් මං,
මං අලුත්ම කෙනෙක් වුනා.මගේ හිතේ තිබුනු බර නිදහස් වුනා වගේ දැනුණා.මාව සැහැල්ලු වෙලා පාවෙනවා වගේ දැනුණා.පළවෙනි වතාවට වෙරළට ආපු කෙනෙක් වගේ මං ප්රබෝධමත්ව හිටියා.
අවසානයේ දී මං එයා දිහා බැලුවා.මඳ සිනාවක් එක්ක එයා මං දිහා බලාගෙන හිටියා.මට ඕනි වුනා එයාට ස්තුති කරන්න.ඒ නිසාම දුවගෙන දුවගෙන එයා ළඟට ගියා.
"ස්තූතියි කරපු උදව්වට."
මං එහෙම කිව්වම එයා එතනින් නැගිටලා මුහුද පැත්තට අඩිය තිබ්බා.ඉන තෙක් ජල මට්ටම වෙනකං ඇවිදගෙන ගිහින් එයා නතර වුනා.එයා දෑත් මුව දෙපසින් තියලා කෑගැහුවත් මුහුදෙ ඝෝෂාව නිසා මට ඒ කිසිම දෙයක් ඇහුනෙ නෑ.
එයාට බාධා නොකර මිනිත්තු කිහිපයක් ඇස් වහගෙන මං සැහැල්ලු හුස්මක් ගත්තා.ඇස් ඇරලා බලද්දි එයා පේනමානෙකවත් හිටියෙ නෑ.හැමතැනම හොයල බැලුවත් මට එයාව හොයාගන්න බැරි වුනා.
දින දෙකකට පස්සෙ ආරංචි වුනේ නාඳුනන මළ සිරුරක් වෙරළට ගොඩගහලා කියල.ඒ හිටියෙ වෙන කවුරුත් නෙවෙයි එයා.අහම්බෙන් හමුවෙලා මගෙ ජීවිතේ වෙනස් කරපු ඒ හෝරාව ඇතුළෙදි මට මවක් වුනු සහෝදරියක් වුනු යෙහෙළියක් වුනු එයා.
ඒත් මං ඒ වෙනකොටත් පරක්කු වැඩියි.එයාගෙ ප්රශ්න හිතේ හංගගෙන මගේ ප්රශ්නවලට විසඳුම් හොයපු එයා අද මගේ හදවත ඇතුළෙ මතකයක් වෙලා.
🛑සදහටම මාත් එක්ක ඉන්න.
🛑Stay With Me Forever.
.
.
.
.
.
.
.
.
SanuBombuwala මගෙ ආදරණීය මෝඩ ඇපල් ගෙඩිය.Happy birthday ඔයාට.මේ කතාව ඔයා වෙනුවෙන්.
.
.
.
.
.
.
.
කතාව ඇතුළෙ මං කියන්න හදපු දේ තේරුණා නම් වෝට් එකක් එක්ක කමෙන්ට් එකක් දාන්න.🙏
VOCÊ ESTÁ LENDO
Stay With Me Forever [Completed]✅
Contoරැල්ල මේ අහපන්, හිත ඇතුළෙ ගුලි වෙච්චි බර නුඹට දුන්නා උඹට පෙම් කළත් මං ඇයට සමු නුදුන්නා ඇයව හිත මත තියන් උඹ ළඟම නැවතුවා මුතුව සේ රැකපන් හිත් කහට මැකුවා