💋Fifth Kiss💋

614 126 12
                                    

💋 වැම්පයර් හාදුව 💋

🦇️ පස්වන දිගහැරුම

"හරි ඕකේ.....අය මං ඔයාට වදයක් වෙන් නෑ .මම යනවා ."

මං ජින් ගාවින් දුවගෙන ඇවිත් මගෙ බයිසිකලේට නැගලා වේගෙන් පැදගෙන ආවා.එතකොට ජින් මගෙ ඉස්සරහට ආවා .එයා ආවේ හුලඟ වගේ.මං එයාව මගහැරලා ආයෙමත් වේගෙන් බයිසිකලේ පැද්දා.ගලක් උඩින් රෝදේ ගිහින් මං බයිසිකලෙන් වැටුනා .මං ඇඳගෙන හිටියෙ කොට ගවුමක් නිසා මගෙ එක දනිස්සක් තුවාල වෙලා ලේ ගැලුවා.මගෙ අතත් සීරිලා ඒකෙනුත් ලේ ආවා.සීතල හුලඟක් එක්ක ජින් එතනට ආවා.එයා මාව වඩාගන්න හැදුවා .මං එයාට මාව වඩා ගන්න දුන්නෙ නෑ ඒත් එයා මගෙ අකමැත්තෙන්ම මාව වඩා ගෙන යන්න ගත්තා.

"මාව බිමින් තියන්න ජින්..ඔයා බොරුවට මං ගැන වදවෙන්න එපා..මට පුළුවන් මං ගැන බලාගන්න ."

"ආ....එහෙමද පුංචි නෝනා ?තමන් ගැන බලාගන්න පුළුවන් නිසා වෙන්න ඇති මෙහෙම තුවාල කරගත්තෙ ."

"මට තුවාල උනාට ඔයාට ප්‍රශ්නයක් නෑනි .අනික මාව එපා කියපු කෙනෙක්ගෙන් මං මැරෙන්න ගියත් උදව්වක් ගන්න මං කැමති නෑ ."

"කොච්චර තුවාල උනත් කටේ සැර නම් අඩුවෙලා නෑ ."

ජින් මාව වඩාගෙන කොලේජ් එකේ ප්‍රථමාධාර කාමරේට ගියා.ලමයි කන්න වගේ අපි දිහා බලාගෙන හිටියා .ජින් මගෙ තුවාල වලට බෙහෙත් දාන්න ගත්තා .

"ආව්....රිදෙනවා .මං බෙහෙත් දාගන්නම් .ඔයා යන්න."

තුවාල වල වේදනාවට මට කදුළුත් ආවා.

"අනේ...මෙයා බෙහෙත්ම දාගනි.හොටු පෙරාගෙන අඬ අඬ මෙතන. කතාව නම් ලෝකෙටම ගහන්න ඒත් පොඩි තුවාලෙකටත් අඬනවා."

කොහොමහරි ජින් මගෙ තුවාල වලට බෙහෙත් දැම්මා .බෙහෙත් දැම්මත් මට ඇවිදින්න අමාරුයි .ඉතින් මං කොර ගහ ගහ ඇවිදින්න ගිහින් වැටෙන්නත් ගියා.

"පොඩ්ඩක් ඉන්නවකො හදිස්සි නැතිව .ආයෙත් වැටිලා තුවාල කරගන්නවකෝ.."

මං වැටෙන්න යද්දී ජින් ඇවිත් මාව අල්ලාගෙන බනින්න ගත්තා .

"මං වැටුනට ⁣ඔයාට මොකද ජින් ?මට පාඩුවේ ඉන්න දීලා ඔයා යන්න .මාව එපා කියලා ඇයි තවත් මාත් එක්ක ඉන්නේ ?"

💋The Vampire Kiss💋 (complete✔️)Where stories live. Discover now