💋Seventh Kiss💋

513 107 5
                                    

💋 වැම්පයර් හාදුව 💋

🦇️ හත්වන දිගහැරුම

"හම්....එහෙනම් මං යන්නම් හොස්පිටල් එකට.ඔයත් යන්න එනවද ජින් ?"

"මං එන්නෙ නෑ .ඔයා ගිහින් එන්න මැණික ."

මමයි අපේ අම්මයි දෙන්නා ජූන්ගෙ අම්මත් එක්ක හොස්පිටල් එකට ආවා .අපි යනකොට ජූන්ට ගොඩක් අමාරුයි ඒත් එයා ඩොක්ටර්ට ට්‍රීට්මන් කරන්න දුන්නෙ නෑ .

"ඩොක්ටර් අපේ පුතා ආදරේ කරන ගෑනු ලමයා එක්කගෙන ආවා."

"හොඳ වෙලාවට මිසිස් ස්මිත් ඒ ගෑනු ලමයා එක්කන් ආවේ,මේ වෙලාවෙ ජූන් ඉන්නේ ගොඩක් අවදානම් තත්වයක.එයාව ජූන් ගාවට එක්ක යන්න ."

"හොඳයි ඩොක්ටර් ."

"එමා....පුතේ ඔයා ජූන් එක්ක කතා කරන්න අපි එලියට වෙලා ඉන්නම්.ඔයාට ගොඩක් පිං මගෙ පුතා බේරලා දුන්නොත් ."

මං ජූන් හිටපු රෑම් එකට යද්දී එයා හිටියෙ අසිහියෙන් .ජූන්ගෙ ඇඳ ගාවට තියෙන පියවරක් පියවරක් ගානේ මගෙ හදවතේ ගැස්ම වැඩිවෙනවා.ජූන්ගෙ අත⁣ට දාලා තිබුනු බෙහෙත් එයා අයින් කරලා තිබුනා .ඒ තුවාලෙන් ආයෙමත් අලුතින් ලේ ඇවිත් තිබුනා .මං මේ කියන්න හදන දේ නිසා නැති ප්‍රශ්න ඇතිවෙයි කියලා මට ගොඩක් බයයි.ඒත් ජූන්ගෙ ජීවිතේ නැති උනොත් මට පසුතැවෙන්න වෙනවා.ඒක නිසා මට මේ දේ කරන්නම වෙනවා .

"ජූන්....."

මං ජූන්ට කතා කරාම එයා අමාරුවෙන් ඇස් ඇරලා මං දිහා බැලුවා .

"එ...මා.....ඔ..යා "

"ඔයා කතා කරන්න මහන්සි වෙන්න එපා ජූන් .දැන් හොඳ ලමයා වගේ ඩොක්ටර්ට ඔයාට බෙහෙත් කරන්න දෙන්න ."

"ම..ට.. බෑ .."

"අනේ...එහෙම කියන්න එපා ජූන් .මං දැන් ආවේ ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියන්න .අපිට ඩාන්සින් කම්ප්‍රිටිෂන් එකට යන්නත් තියෙනවනි."

"ඔ..යා.. මට ආ..ද.රේ.ද එ..මා.."

ජූන් මගෙ අත අල්ලන් එහෙම අහපු නිසා මං අම්මලා හිටපු පැත්ත බැලුවා .අපේ අම්මා ඔලුවෙන් මට කීවා ඔව් කියන්න කියලා .ජූන්ගෙ අම්මා වැදගෙන ප්ලීස් කීවා .ඉතින් දැන් වෙන කරන්න දෙයක් නෑ .මං හිතින් ජූන්ගෙන් සමාව ඉල්ලුවා.

💋The Vampire Kiss💋 (complete✔️)Where stories live. Discover now